
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍රයක් යොදාගනිමින් පොළොන්නරුව ශාන්තිපුර, උණගලාවෙහෙර ප්‍රදේශයේ නිවසක් තුළ නිධන් හෑරු පුද්ගලයන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අරලගංවිල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ මෙම වැටළීම සිදුකර තිබිණි.
එහිදී නිධන්වස්තු ලබාගැනීමේ අරමුණින් අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍රයක් යොදාගනිමින් නිවසක් තුළ නිධන් හාරමින් සිටි පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් උණගලාවෙහෙර සහ හැදලවත්ත යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23 සහ 32 අතර පසුවන තරුණයන් දෙදෙනෙකි.
එම ස්කෑන් යන්ත්‍රය, කැණීම් උපකරණ සහ විවිධ වර්ගයේ පූජා භාණ්ඩ ද පොලිස් විශේෂ කාර්ය බළකාය සිය භාරයට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොළොන්නරුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart