
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
TikTok වේදිකාවේ 2025 දී ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම සෙවූ වචන TikTok සමාගම විසින් මෑතකදී ප්‍රකාශයට පත්කර තිබිණි.
එම වසරේ ශ්‍රී ලාංකිකයන් වඩාත් කුතුහලයෙන් සිටි අංශ පිළිබඳ කෙටි සටහනක් ඉදිරිපත් කරන එම ප්‍රකාශය මගින් පරිශීලිකයන් හඹායන කීර්තිමත් පුද්ගලයන් සහ නිර්මාණකරුවන්ගේ සිට සංගීතය සහ නාට්‍ය, නැරඹීමට සැලසුම් කරන ස්ථාන සහ වේදිකාව පුරා සංවාදයට තුඩුදෙන සිදුවීම දක්වා අංශ ආවරණය කර ඇත.
ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමුඛ කැපී පෙනෙන අවස්ථා සහ විනෝදාස්වාදයේ සිට මහනුවර ඇසළ පෙරහැර වැනි සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථාන වැනි අංශ අතරින් 2025 ලැයිස්තුවෙන් පිළිබිඹු වන්නේ සැබෑ ජීවිතයේ තීරණ ගැනීම සහ තත්‍ය කාලීන මෙවලමක් ලෙස TikTok සෙවීම වැඩි වැඩියෙන් භාවිත කරන ආකාරයයි.
මිනිසුන් TikTok වෙත පැමිණෙන්නේ නැරඹීමට පමණක් නොව, දේවල් සොයා බැලීමට, සෑම කෙනෙකුම සාකච්ඡා කරන දේ සමබන්ධයෙන් දැනුවත්වීමට, වැදගත් අවස්ථා නැවත බැලීමට, ගමනාන්ත ගවේෂණය කිරීමට සහ ක්ෂණිකව අදාළ වන අන්තර්ගතයන් සොයා ගැනීමටය.
“TikTok සෙවීම ශ්‍රී ලංකාවේ දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව තිබෙනවා,” යනුවෙන් TikTok හි දකුණු ආසියාවේ අන්තර්ගත මෙහෙයුම් ප්‍රධානී උමයිස් නවීඩ් පැවසීය.
“මිනිස්සු වීඩියෝ බලනවා විතරක් නෙවෙයි – ඔවුන් තොරතුරු, නිර්දේශ තත්‍ය කාලීනව සොයනවා. නවතම ක්‍රීඩා අවස්ථා නිරීක්ෂණය කිරීම, සති අන්ත සංචාරයක් සැලසුම් කිරීම, අලුත් දෙයක් ඉගෙන ගැනීම හෝ මිලදී ගැනීමට පෙර සමාලෝචන පරීක්ෂා කිරීම වැනි ඕනෑම දෙයක් වේවා, ශ්‍රී ලාංකිකයන් එදිනෙදා තීරණ ගැනීමට TikTok වෙත යොමු වෙනවා. ශ්‍රී ලාංකිකයන් සංස්කෘතිය, ප්‍රජාව සහ එදිනෙදා පිළිතුරු සමඟ සම්බන්ධ කරන ආකාරය මේ වසරේ ඉහළම TikTok සෙවුම්වලින් පෙන්නුම් කරනවා.”ඔඅහු පැවසීය.
මහනුවර සහ තංගල්ල වැනි ස්ථාන කෙරෙහි ඇති උනන්දුව සංචාරක ආශ්වාදයේ වර්ධනය වන භූමිකාව පෙන්වා දෙන අතර, නිර්මාණකරු විසින් මෙහෙයවන නිර්දේශ සහ භූමියේ ඉදිරිදර්ශන හරහා ගමනාන්ත ගවේෂණය කිරීමට මිනිසුන්ට උපකාර කරයි.
ඒ සමඟම, ප්‍රධාන මහජන සංවාද, කැපී පෙනෙන සම්මුඛ සාකච්ඡා සහ පුළුල් ලෙස සාකච්ඡා කරන ලද පොප්-සංස්කෘතික අවස්ථා සමඟ සම්බන්ධ වූ සෙවීම්, ශ්‍රී ලංකාව අත්විඳින ආකාරය පෙන්නුම් කරයි.
2025 ලැයිස්තුව සංස්කෘතිය සහ උපයෝගීතාව මංසන්ධියේ වේදිකාවක් පිළිබිඹු කරන අතර එහිදී බොහෝ විට දක්නට ලැබෙන ප්‍රවණතා සැබවින්ම ප්‍රයෝජනවත්, අමතක නොවන හෝ අර්ථවත් දේ වී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart