
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය සතියේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, සංචාරක අමාත්‍ය විජිත හේරත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ තවත් සාමාජිකයන්, ලොව ප්‍රකට ස්වීඩන් සංගීත කණ්ඩායමක් වන ඇබා (ABBA) ගීත ගායනා කළ උපහාර ප්‍රසංගයකට සහභාගී වී සිටින අයුරු දැකගත හැකි විය.
කෙසේවෙතත් සමාජ මාධ්‍ය සහ ඇතැම් ජනමාධ්‍ය ඔස්සේ එම සහභාගී වීමට අහිතකර ප්‍රතිචාර එල්ලවිය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ සම්බන්ධ අල්ලස් නඩුවකට සාක්ෂි දීමට කොළඹ මහාධිකරණයට පැමිණීමෙන් පසු, එම විවේචනවලට පිළිතුරු ලෙස අමාත්‍ය හේරත් අදහස් පළකරනු දැකගත හැකිවිය.
එහිදී ඔහු ඇබා ප්‍රසංගයට සිය සහභාගී වීම සාධාරණිකරණය කළේය.
“මම කුඩා කාලයේ සිටම ඇබා ගීතවලට සවන් දෙනවා. මම මගේ වාහනයේ CD තැටියක් අරගෙන යනවා” ඔහු පැවසීය.
“ABBA සංගීත කණ්ඩායම බොහෝ දෙනා ආදරය කරන ලෝක ප්‍රසිද්ධ කණ්ඩායමක්. ඔවුන්ගේ ගීත ගායනා කරන කණ්ඩායම ලංකාවට පැමිණීම ලොකු ගෞරවයක්. සංචාරක අමාත්‍යවරයා ලෙස මම රට වෙනුවෙන් එම උත්සවය ප්‍රවර්ධනය කිරීමට මැදිහත් වුණා.
“අපි ප්‍රසංගයට සහභාගී වෙනවා දැකීම සමහර අයට මැජික් එකක් වගේ. ඔවුන් තමයි විවිධ අදහස් ප්‍රකාශ කරන්නේ. නමුත් එය අපට මැජික් නොවේ. තාමත් ඒ සංගීත රසය අපි ළඟ තියෙනවා” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart