
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ වන විට උතුර, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම මැන බලන තාප දර්ශකය අවධානයෙන් සිටිය යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.
පවතින උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ද තාප දර්ශකය ඉහළ මට්ටමක පවතින බවයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන්ට හැකිතාක් ජලය පානය කර, සෙවණෙහි රැඳී සිටින ලෙසට උපදෙස් ලබාදෙන බවයි.
මේ අතර, එම ප්‍රදේශවල පදිංචිකරුවන්ට සුදු හෝ ලා පැහැති ඇඳුම් අඳින ලෙසත් එළිමහන් ක්‍රියාකාරකම් සීමා කරන ලෙසත් කාලගුණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart