
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල වෛද්‍ය වෘත්තිකයන්ගේ හිඟයට පිළියමක් ලෙස විදේශීය වෛද්‍යවරුන් ගෙන්වා ගැනීමට කිසිදු පියවරක් නොගන්නා බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කරයි.
විදේශ රටවලින් වෛද්‍යවරුන් ගෙන්වාගැනීමට රජයට කිසිදු අදහසක් නොමැති බව ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ දී පවසන ලද්දේ, විදේශීය වෛද්‍යවරුන් ගෙන්වාගැනීමට රජය සැලසුම් කර ඇත්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
වෛද්‍ය වෘත්තිකයන්ගේ හිඟය පියවීමට හැකිවන්නේ වෛද්‍ය පීඨ වැඩිකිරීම හෝ පෞද්ගලික වෛද්‍ය පීඨවලට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීමට ඉඩදීම යන විකල්ප දෙක තුළින් පමණක් බව ඇමැතිවරයා පවසයි.
ඔහු පවසන්නේ, විදේශ රටවලින් සුදුසුකම් ලැබූ වෛද්‍ය සිසුන් 3,000 කට පමණ ලංකාවේ Act 16 විභාගයට පෙනීසිටීමට හැකි අතර, එය අඩුම තරමින් ලොව පිළිගත් පළමු වෛද්‍ය පීඨ 1000න් සුදුසුකම් ලැබූ සිසුන් ට පෙනීසිටිය හැකි වන සේ සංශෝධනය කළ යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart