
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සෞඛ්‍ය ඇමති ධූරය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සූදානම් බව වාර්තා වේ.
ඒ වෙනුවෙන් වත්මන් සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ නුදුරු දිනයකදී සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය දිනවල පැවැති උත්සව අවස්ථා ගණනාවකදීම ජනාධිපතිවරයා සමග රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සිටිනු දැකගත හැකිවිය.
පෙරේදා (20) පස්වරුවේ බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේ පැවති සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ 09 වැනි සම්මේලනයට ජනාධිපතිවරයා සමග එක්වූ රාජිත සේනාරත්න ජනපතිගේ ගුණ ගායන කරෙඅන ලද්දේ මෙලෙසිනි.
“සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමය කියන්නේ රටට ලාභ වෙනවා නම් තමන්ට පාඩු වූවාට කමක් නෑ කියා කටයුතු කළ සංගමයක්. ඔවුන් පසුගිය දුෂ්කර කාලපරිච්ඡේදයේදී ලාභය නොතකා සේවය ලබා දුන්නා. අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන්නේද එයයි. එතුමාට මෙතරම් කෙටි කාලයකින් රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට හැකිවෙයි කියා අපද සිතුවේ නැහැ. නමුත් අපට අද එය පිළිගැනීමට සිදු වී තිබෙනවා. ඇස් පෙනෙන කන් ඇසෙන කෙනෙක් නම් එතුමා අපේ රට මේ තත්ත්වයට ගෙනවිත් තිබෙනවා කියා පිළිගන්න වෙනවා.
බංකොලොත් වූ රටවල් අතරින් මේ තරම් ඉක්මණින් රටක් සාමාන්‍යකරණයට පත් වූයේ ශ්‍රී ලංකාව බව ලෝකය පිළිගන්නවා. එය ලෝකය අගය කරනවා. ශ්‍රී ලංකාව ආර්ථික අර්බූදයෙන් සාමාන්‍යකරණය වීම ආර්ථික විශ්ව කර්මයක් බව ලෝකය පවසනවා. ඔවුන් පවසන්නේ කඩා වැටුණ ආර්ථිකයක් මේ තරම් ඉක්මණින් ගොඩ එනවා දැක නැති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතියෝපියාවේ ආර්ථිකය ගොඩ නැඟීමේදී ශ්‍රී ලංකාවේ වික්‍රමසිංහ දෙස බලන්න කියා ප්‍රකාශ කර තිබෙනවා. නමුත් අපේ රටේ අය එතුමාට දෝෂාරෝපණය කරනවා. අප සියලුදෙනා රටේ මෙම සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන කටයුතු කළ යුතුයි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart