
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව පුරා සිටින ලොකු කුඩා කාගේත් සිත් ගත් ලෝක ප්‍රකට හැරී පොටර් කතා මාලාවේ එන හැරී පෝටර් පළඳින අදෘශ්‍යමාන සළුව දැන් යථාර්ථයක් වී ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා සඳහන් කරන්නේ හැරී පොටර් චිත්‍රපටවලින් ආභාසය ලබාගෙන, චීන විද්‍යාඥයන් කණ්ඩායමක් පියවි ඇසට නොපෙනෙන පරිදි යා හැකි ‘Cloak of Invisibility’ (නොපෙනෙන සළුවක්) නිර්මාණය කර ඇති බවයි.
චීනයේ ඉලෙක්ට්‍රොනික විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් සැඟවුණු ද්‍රව්‍යයකින් මෙය නිර්මාණය කර ඇති අතර, එහි අණුක සංයුතිය මිශ්‍ර කර ඇත්තේ, එය පැළඳ සිටින්නා පියවි ඇසට නොපෙනෙන ලෙස බව පැවසෙයි.
සයන්ස් ඇඩ්වාන්ස් නමැති සඟරාවේ ‘චැමෙලියන්’ නමැති එම ද්‍රව්‍ය පිළිබඳ විස්තර පළකර ඇති බව NDTV පුවත් සේවය වාර්තා කර ඇත.
එම පර්යේෂකයන් පිරිස පවසන්නේ. ආලෝකයේ යම් තරංග ආයාමයකට නිරාවරණය වන විට අණු නැවත සකස් වන ස්වයං – අනුවර්තී ෆොටෝක්‍රොමිස්ම් නම් ක්‍රියාවලියක් හරහා ‘අදෘශ්‍යභාවය’ ලබාගැනීමට ඔවුන් සමත් වූ බවයි.
මෙම ද්‍රව්‍යයේ වර්ණය වෙනස් වන අතර ඵලදායී ලෙස නොපෙනී යන බව පැවසේ.
ඔවුන් එය පෙන්වාදෙන්නේ ස්වභාවධර්මයේ දී, බෝදිලිමා සහ බූවල්ලා යන සතුන් දෙවර්ගයම අවට පරිසරයට මුසු වීමෙන් ඔවුන්ගේ පෙනුම වෙනස් කිරීම සැඟවීම මත රඳා පවතින බවයි.
“මෙම තාක්‍ෂණය ඇඳුම් පැළඳුම් සඳහා යෙදීමෙන් පුද්ගලයෙකු ඵලදායී ලෙස ‘අදෘශ්‍යමාන’ කළ හැකිය,”යනුවෙන් පර්‍යේෂණ කණ්ඩායමේ ප්‍රධාන පර්යේෂක වැන්ග් ඩොංෂෙන්ග් උපුටා දක්වමින් සවුත් චයිනා මෝනිං පෝස්ට් වාර්තා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart