
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බ්‍රිතාන්‍ය සිංහාසනයට පස්වැනියා ලෙස උරුමකම් කියන හැරී කුමරු තමා එක්සත් ජනපද පදිංචිකරුවකු ලෙස හඳුන්වා තිබේ.
බ්‍රිතාන්‍ය සමාගම් තොරතුරු ලේඛනයක් වන Companies House වෙත මෙම සතියේ ගොනු කරන ලද ලේඛනවල ඔහු සිය මූලික වාසස්ථානය එක්සත් ජනපදය ලෙස සටහන් කර ඇති බව හෙළිවී තිබේ.
කෙසේවෙතත් හැරී සිය නම එහිදී යොදා ඇත්තේ සසෙක්ස්හි හෙන්රි චාල්ස් ඇල්බට් ඩේවිඩ් ආදිපාදවරයා ලෙසයි.
හැරී සහ මේගන් යුවළ වසර ගණනාවක් එක්සත් රාජධානියේ ජීවත් නොවූ අතර, රාජකීය රාජකාරිවලින් ඉවත් වීමෙන් පසු 2020 දී කැලිෆෝනියාවට පිටව ගොස් තිබිණි.
ඔවුන් සිය දරුවන් දෙදෙනා සමග දැන් ජීවත් වන්නේ මොන්ටෙසිටෝහිය.
හැරී එක්සත් රාජධානියෙන් පිටව යෑමට පෙර ඔහු විසින් ආරම්භ කරන ලද පරිසර සංචාරක සංවිධානය වන Travalyst සඳහා ලිපිනය වෙනස් කිරීම සඳහා අදාළ ලිපි ලේඛන ගොනු කර තිබේ.
හැරී මීට පෙර ප්‍රකාශ කර තිබුණේ තමා අමෙරිකානු පුරවැසියෙකු වීමට සළකා බලන බවයි.
කෙසේවෙතත් හැරී කුමරුගේ වීසා අයදුම්පත්‍රය එක්සත් ජනපදයේ පවතින නඩුවක විෂයයක් වී තිබේ
වොෂින්ටනය පදනම් කරගත් ගතානුගතික චින්තන පර්ෂදයක් වන Heritage Foundation, හැරීගේ වීසා වාර්තා වෙත ප්‍රවේශ වීම සඳහා ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවට නඩු පවරා තිබේ.
ඊට හේතුව වන්නේ ඔහුගේ වීසා ඉල්ලුම් පත්‍රයේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන ඔහු බොරු කියන්නට ඇති බව හෝ නිලධාරීන්ගේ හිතකර සැළකිලි ඔහුට ලැබෙන්නට ඇති බවට ඔවුන් තුළ ඇති අදහසයි .
හැරීගේ මතක සටහන් දක්වන කෘතියක් වන “Spare” හි තමන් කිහිප වතාවක්ම කොකේන් භාවිත කළ බවත් ගංජා සහ මනෝවිද්‍යාත්මක හතු භාවිත කළ බවත් පිළිගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart