
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව එල්ල වී ඇති බලය අයුතු ලෙස භාවිත කිරීම ඇතුළු චෝදනා විමර්ශනය කිරීමට පත්කරන කමිටුව සඳහා නම් යෝජනා කරන ලෙස කථානායකවරයා ලිඛිතව අග්‍රාමාත්‍යවරියට සහ විපක්ෂ නායකවරයාට දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් කථානායකවරයා අගවිනිසුරුවරිය ඇතුළු අදාළ පාර්ශ්ව වෙත ද ලිඛිතව දැනුම් දී ඇත.
ස්ථාවර නියෝගවලට අනුව අගවිනිසුරුවරයා විසින් විනිසුරුවරයෙකු පත්කිරීමට අවශ්‍ය වන අතර අග්‍රාමාත්‍යවරිය සහ විපක්ෂ නායකවරයා විසින් එකඟ වන නියෝජිතයකු ද කමිටුවට නම්කළ යුතුය.
විධිවිධානවලට අනුව ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා කමිටුවේ අනිවාර්ය සාමාජිකයකු ලෙස ඇතුළත් කළ යුතුය.
කමිටුව විධිමත් ලෙස ස්ථාපිත කිරීමෙන් පසු විමර්ශනය වහාම ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.
දේශබන්දු තෙන්නකෝන් බලය අයුතු ලෙස භාවිත කිරීම ඇතුළු චෝදනා හේතුවෙන් පොලිස්පති ධුරයෙන් ඉවත්කිරීම සඳහා විමර්ශන කමිටුවක් පත්කිරීමේ යෝජනාවක් අප්‍රේල් 8 වැනි දින පාර්ලිමේන්තුවේදී සම්මත විය.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 151 දෙනෙකු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර කිසිවකු ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර නොතිබිණි.
යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර යි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart