
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පාතාල සාමාජික නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ මුදාගෙන යෑම සඳහා ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පිළිබඳව එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
එහි සඳහන් වන්නේ, ත්‍රස්ත ප්‍රහාරයක් ආකාරයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රහාරයක් එල්ල කර හරක් කටා ඇතුළු සැකකරුවන් පිරිසක් මුදාගැනීමට සැලසුම් කර ඇති බවය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගේ ඒ පිළිබඳව වැඩිදුර කරුණු අනාවරණ වී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ.
ඒ අනුව, කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර ඇත්තේ, ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු දක්වන ලෙසයි.
මේ අතර, ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරන්නේ, කමාන්ඩෝ ඇඳුමින් සැරසී අදාළ ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර තිබී ඇති බවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart