May 20, 2025

2015 දී මුල්ලේරියාවේදී වාර්තා වූ මංකොල්ලයක් සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ ඉහළ පෙළේ සැකකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ට එරෙහිව ගොනුකර ඇති නඩු විභාගය කොළඹ මහාධිකරණය විසින් අද (20) දින කල්දමා ඇත.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවනු ලැබූ අතර, නඩුව ජූලි (15) දින දක්වා කල් තැබීමට නියෝග කර තිබේ.

නඩු විභාගය අතරතුර, පැමිණිල්ල නියෝජනය කරන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා නිවාඩු ලබාසිටිම හේතුවෙන් ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා විභාගය සඳහා විකල්ප දිනයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති අතර එම ඉල්ලීම අධිකරණය විසින් සළකා බලන ලදී.

නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරියක් වන ඉන්ද්‍රානි ඩයස් අධිකරණයට පැමිණ සිටි අතර, ඊළඟ නඩු දිනයේදී නැවත පෙනීසිටින ලෙස ඇයට උපදෙස් ලබා දී ඇත.

විත්තිකරු දැඩි ආරක්ෂාවක් යටතේ අධිකරණයට ගෙන එන ලද අතර, ඔහු පෙනීසිටින අවස්ථාවේදී ජනමාධ්‍ය නිරාවරණයෙන් ආරක්ෂා වීම සඳහා ත්‍රස්ත විමර්ශන අංශයේ (TID) නිලධාරීන් කටයුතු කර ඇත.

මෙම නඩුව 2015 ජුනි 10 වන දින විත්තිකරු සන්නද්ධ මංකොල්ලකෑම් සහ වාහන පැහැරගැනීම් සම්බන්ධයෙන් හරක් කටා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.