
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පවසන්නේ, සමන්තුරෙයි ප්‍රදේශයේදී ඔහු මෑතකදී කළ කතාව වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවයි.
සමන්තුරෙයි හි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සතුව ඇති බලකොටුව තම පක්ෂය විසින් රඳවාගත යුතු බව තමන් විශ්වාසය බවත් ඔහු සඳහන් කරයි.
“රට පුරා, අපි ප්‍රාදේශීය සභා 100 කට අධික සංඛ්‍යාවක ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ලෙස තරඟ කරනවා. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය හරහා තරඟ කරන්නේ අපගේ සාමාජිකයන්ගෙන් කිහිපදෙනෙක් විතරයි” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හකීම් පැහැදිලි කළේය.
අම්පාරේ පැවති දේශපාලන රැලියක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හකීම් පැවසුවේ, මෙය වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවත්, සමගි ජන බලවේගය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මිත්‍ර පක්ෂයක් ලෙස පවතින බවත්ය.
“මමත් වරක් මහනුවරදී සමගි ජන බලවේගය යටතේ පාර්ලිමේන්තුවට පිවිසීමට තරඟ කළා. නමුත් මගේ කතාවේදී මා අදහස් කළේ, සමන්තුරෙයි සමගි ජන බලවේගයට ලබා නොදිය යුතු බවයි. මොකද ඔවුන් සම්මන්තුරෙයිහි අපට එරෙහිව තරඟ කරන නිසා. අපි තමයි මේ ප්‍රදේශයේ බලවත් පක්ෂය. ඒ නිසා අපේ පක්ෂය බලය ලබාගනී යැයි විශ්වාසයෙන් අපි වැඩ කරන අතරතුර, සමගි ජන බලවේගය හරහා තරඟ කරන අපගේම ප්‍රතික්ෂේප කළ අපේක්ෂකයන් කිහිපදෙනෙක් සිටිනවා” ඔහු පවසයි.
සජබ යටතේ තරඟ කරන මෙම අපේක්ෂකයින් මුස්ලිම් කොන්ග්‍රසයේ නායකයාගේ ආශිර්වාදය ඇතිව එසේ කරන බවට අසත්‍ය තොරතුරු පතුරුවමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හකීම් තවදුරටත් සඳහන් කරයි.
“මට මේකට ප්‍රතිචාර දක්වන්න සිද්ධවුණා. මෙම තත්ත්වය පැහැදිලි කිරීමට මා ගත් උත්සාහය නිසා මෙම වැරදි අර්ථකථනය ඇතිවුණා,” ඔහු පැවසුවේ, සජබ නායකයා එම ප්‍රකාශය පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස සිය පක්ෂයෙන් ඉල්ලා සිටි බවයි.
“සජබට එරෙහිව කතාකළේ මම නොවේ. නමුත් මම කිව්වේ ඒ ප්‍රදේශයේ සමගි ජන බලවේගයට බලයක් නොමැති බවයි. අපට ඒ ප්‍රදේශයේ සජබට ප්‍රමුඛත්වය දෙන්න බැහැ නේද?” ඔහු තවදුරටත් පවසයි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයා මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශ කරනු ලැබුවේ, අම්පාරේ පැවති දේශපාලන රැලියක් අතරතුරය.
එහිදී ඔහු පැවසුවේ ‘දුරකථන සංකේතය’ යල්පැන ගිය එකක් බවත් ඉදිරි මැතිවරණවලදී එයට සහාය නොදිය යුතු බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart