
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තිරසාර සංචාරක ව්‍යාපාරය, සංස්කෘතික සංරක්ෂණය සහ ග්‍රාමීය සංවර්ධනය සඳහා දක්වා ඇති විශිෂ්ට දායකත්වය අගයමින් ගුජරාටයේ කච් දිස්ත්‍රික්කයේ ඩෝර්ඩෝ ගම්මානය එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය (UNWTO) විසින් “හොඳම සංචාරක ගම්මානය” ලෙස නම්කර ඇත.
ඩෝර්ඩෝ යනු මහා කච් දිස්ත්‍රික්කයේ විශාල වපසරිය තුළ පිහිටා ඇති සන්සුන් ගම්මානයක් වන අතර, වාර්ෂික එහි පැවැත්වෙන ‘රන් උත්සවය’ (Rann Utsav) හේතුවෙන් ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්ව ඇත.
මෙම විචිත්‍රවත් සංස්කෘතික උත්සවය කලාපය සාම්ප්‍රදායික කලා, සංගීතය සහ අත්කම් ප්‍රදර්ශනය සඳහා විශිෂ්ට වේදිකාවක් ලෙස සේවය කරයි.
මෙම ගම්මානයේදී දේශීය සංස්කෘතිය තුළ ගිලී සිටීමට ලොව පුරා සිටින අමුත්තන්ට සුවිශේෂී අවස්ථාවක් ලැබේ.
“හොඳම සංචාරක ගම්මානය” ලෙස ඩෝර්ඩෝ පිළිගැනීම කලාපයේ ආර්ථිකයට විශාල පිම්මක් ලබාදෙනු ඇත.
ඩෝර්ඩෝහි වාර්ෂිකව පවත්වනු ලබන රන් උත්සවය, දැනටමත් කලාපයේ ආර්ථිකය සැළකිව යුතු ලෙස ඉහළ නංවා ඇත.
2022-23 මූල්‍ය වර්ෂයේදී, උත්සවය වෙතින් ඉන්දීය රුපියල් කෝටි 468 ක ආදායමක් උපයාදී ඇත.
මෙම උත්සවය පසුගිය වසරේදී ඉන්දියානු සංචාරකයන් 98,000 කට අධික සංඛ්‍යාවක් සහ විදේශීය සංචාරකයන් 7,400 ක් ආකර්ෂණය කරගෙන තිබේ.
ඩෝර්ඩෝහි ප්‍රජාව ගමේ පරිවර්තනය සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබති.
සංස්කෘතික සංරක්ෂණය, සම්ප්‍රදායික හස්ත කර්මාන්ත සහ ආගන්තුක සත්කාර සේවා සඳහා ඔවුන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය ග්‍රාමීය ආර්ථිකයට දායක වන අතරම සංචාරකයන්ට අව්‍යාජ අත්දැකීමක් ඇති බව සහතික කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart