
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මැදපෙරදිග කලාපයේ පවතින වර්තමාන තත්ත්වය සහ උත්සන්න වෙමින් පවතින නොසන්සුන්තා සැළකිල්ලට ගනිමින්, ඊශ්‍රායලයේ සේවය කරන සහ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයක දක්වා ඇත්තේ ඉරානයේ සිටින තම පුරවැසියන්ට සහ ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයන්ට හැකි ඉක්මනින් රටින් පිටව යන ලෙස ඉන්දීය රජය නිවේදනයක් නිකුත් කරමින් උපදෙස් දී ඇති බවයි.
ඊට අමතරව, දෝහා හි ඇතැම් ඇමරිකානු හමුදා කඳවුරුවලින් පිරිස් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවලින් පෙනී යන බව ද එහි සඳහන් වේ.
කලාපය හරහා පියාසර කරන ඇතැම් ගුවන් ගමන් අත්හිටුවා ඇති බව හෝ සීමාවන්ට යටත් වී ඇති බව දැකිය හැකි බවද එමගින් පෙන්වා දී ඇත.
ඇතිවිය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට ඊශ්‍රායල ආරක්ෂක හමුදා සම්පූර්ණයෙන්ම සූදානම් බවත්, මිසයිල ආරක්ෂක පද්ධති දැඩි සීරුවෙන් හා හොඳින් සූදානම් බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
ඇතැම් කණ්ඩායම් විසින් ප්‍රචාරය කරන ලද විවිධ මාධ්‍ය වාර්තා සහ වැරදි තොරතුරු සැළකිල්ලට ගනිමින්, ඊශ්‍රායලයේ පදිංචි ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස උපදෙස් අදාළ නිවේදනයෙන් උපදෙස් දී තිබේ.
ඇතිවිය හැකි ඕනෑම තත්ත්වයක් පාලනය කිරීමට ඊශ්‍රායල ආරක්ෂක හමුදා සුදුසු පියවර ගනු ඇති බව ද නිවේදනයේ සඳහන් විය.
ඒ අනුව, හදිසි මිසයිල ප්‍රහාරයක් හෝ ත්‍රස්ත සිදුවීමක් වුවහොත් අනුගමනය කළ යුතු උපදෙස් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පෙන්වා දී තිබේ.
2025 ජුනි මාසයේ ඉරාන මිසයිල ප්‍රහාර අතරතුර, බොහෝ පුද්ගලයන් ඊශ්‍රායල ආරක්ෂක හමුදා සහ තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද අඛණ්ඩ අනතුරු ඇඟවීම් සහ හදිසි සයිරන්වලට ප්‍රතිචාර වශයෙන් වහාම තම නිවෙස්වල හෝ අසල ආරක්ෂිත කාමරවල නවාතැන් ගත් බැවින්, කිසිදු ශ්‍රී ලාංකිකයකුට හානියක් සිදු නොවූ බව එහි වැඩිදුරටත් සඳහන් විය.
එබැවින්, විමසිලිමත්ව සිටින ලෙසත්, ඊශ්‍රායල මාධ්‍ය සහ ආරක්ෂක බලධාරීන් විසින් නිකුත් කරන ලද අනතුරු ඇඟවීම් සහ උපදෙස් දැඩි ලෙස අනුගමනය කරන ලෙසත් සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.
රෝගාබාධ සඳහා අඛණ්ඩව ඖෂධ අවශ්‍ය පුද්ගලයන්ට සෑම විටම තම ඖෂධ පහසුවෙන් ප්‍රවේශ විය හැකි ලෙස තබා ගැනීමට උපදෙස් දෙනු ලැබේ.
විදුලිය ඇනහිටීම් හෝ අන්තර්ජාල සේවා බාධා කිරීම් හේතුවෙන් සන්නිවේදනය තාවකාලිකව බාධා ඇති වුවහොත් අනවශ්‍ය බියෙන් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකාවේ සිටින පවුල්වල සාමාජිකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
විවෘත ප්‍රදේශවල සේවය කරන පුදගලයන් වැඩ කරන වේලාවන් තුළ අනතුරු ඇඟවීමක් ලැබුණු වහාම ළඟම ඇති ආරක්ෂිත ස්ථානයේ නවාතැන් ගත යුතුය.
වාහනයක ගමන් කරන අතරතුර හදිසි අනතුරු ඇඟවීමක් ලැබුනහොත්, වාහනයෙන් බැස වහාම ළඟම ඇති ආරක්ෂිත ස්ථානයට යා යුතු වේ.
ඉදිරි දිනවලදී ඊශ්‍රායලයට පැමිණීමට සැලසුම් කරන ශ්‍රී ලාංකිකයන්ට පවතින තත්ත්වය හොඳින් නිරීක්ෂණය කර සුපරීක්ෂාකාරීව සිටින ලෙසට උපදෙස් දෙනු ලැබේ.
2026 ජනවාරි 15 වැනිදා තෛපොංගල් උත්සවය නිමිත්තෙන් තානාපති කාර්යාලය වසා දමනු ලබන අතර, 2026 ජනවාරි 16 සහ 17 යන දිනවල ඊශ්‍රායල රජයේ සති අන්ත නිවාඩු හේතුවෙන් තානාපති කාර්යාලය වසා තබනු ඇතත්, අනපේක්ෂිත තත්ත්වයක් ඇති වුවහොත් හදිසි සේවා සඳහා තානාපති කාර්යාලය විවෘතව පවතින බවත් දැනුම් දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart