
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල මෙගාවොට් 484ක සුළං බලාගාර සංවර්ධනය කිරීමට රජය සුබවාදී ප්‍රතිචාර දක්වා තිබේ.
ඒ, ඉන්දියාවේ Adani Green Energy Limited සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් අනුවය.
මෙම තීරණයට අනුව ඇමැති මණ්ඩලය සමාගම විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාව ඇගයීම සඳහා සාකච්ඡා කමිටුවක් පත්කර තිබේ.
එම කමිටුවේ නිර්දේශ අනුව විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කර ඇත.
මෙම යෝජනාව මගින් යෝජිත ව්‍යාපෘතිය යටතේ නිපදවන විදුලිය සඳහා කිලෝවොට් එකක් සඳහා ඩොලර් 8යි ශත 26ක අවසාන මිල පිළිගනු ලැබේ.
ඒ, සැබෑ විදේශ විනිමය අනුපාතය මත පදනම්ව ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීමට යටත්වය.
සුළං බල ව්‍යාපෘතිය මගින් වසර 20ක කාලයක් සඳහා සීමාසහිත Adani Green Energy SL වෙත මෙම ටෙන්ඩරය ප්‍රදානය කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart