
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි වසර 06 තුළ සූර්ය පැනල සවිකර මෙගාවොට් 4000ක විදුලිය නිපදවීම සඳහා ඉඩම් අක්කර 14,000ක් නම් කිරීමට තම අමාත්‍යාංශය අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ඊයේ ප්‍රකාශ කළේය.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, රජයේ සහ පෞද්ගලික අංශයෙන් ඉඩම් වෙන්කර ටෙන්ඩර් පටිපාටියට පසුව කටයුතු කිරීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වන බවයි.
ඒ අනුව සූර්ය බලශක්තිය භාවිතයෙන් මෙගාවොට් 4000ක විදුලිය නිපදවීම සඳහා ඉඩම් අක්කර 12,000ක් වෙන් කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
මෙගාවොට් 1000ක සුළං විදුලිය නිෂ්පාදනය සඳහා තවත් ඉඩම් අක්කර 2000ක් වෙන්කෙරේ.
සම්පූර්ණයෙන් මෙගාවොට් පැය 4000ක විදුලිය ජනනය කෙරෙන අතර එය ඉදිරි වසර හය සඳහා ප්‍රමාණවත් වේ.
මේ වසර අවසන් වන විට වහලය මත සවිකෙරෙන සූර්ය පැනල මගින් මෙගාවොට් 150කට වැඩි විදුලියක් ජනනය කිරීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා පැවැසීය.
ඉදිරි සති දෙක තුළ සමනලවැව ජලාශයේ මෙගාවොට් 200ක් නිපදවීමට පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ස්ථාපිත කිරීමට අදාළ යෝජනාව සළකා බැලීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරන බවද ඇමැති විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart