
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මැයි මාසයේදී රාජ්‍ය ආදායම් එකතු කිරීම රුපියල් බිලියන 486 ක් ලෙස වාර්තා වී ඇති අතර, ඒ අනුව මෙම වසරේ පළමු මාස පහ තුළ මුළු රාජ්‍ය ආදායම් එකතුව රුපියල් ට්‍රිලියන 2 ක් බව වාර්තා වේ.
එය 2024 වසරේ රාජ්‍ය ආදායමෙන් අඩකි.
ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත්කරන ලද නවතම දත්ත වලට අනුව, රජයේ ආදායම සහ ප්‍රදානයන් රුපියල් බිලියන 1,942 ක් ලෙස 20% ක වර්ධනයක් පිළිබිඹු කර තිබේ.
එය පසුගිය වසරේ එම කාලපරිච්ඡේදය තුළ රුපියල් බිලියන 1,619 ක් විය.
මැයි මාසයේ රජයේ සමස්ත ආදායම් එකතුව රුපියල් බිලියන 486 ක් ලෙස වාර්තා වී ඇති අතර එම අගය මේ දක්වා වසර මාසයකදී ලද ඉහළම ආදායමයි.
පෙබරවාරි මාසයේ දී රුපියල් බිලියන 414 ක් සහ අප්‍රේල් මාසයේ රුපියල් බිලියන 387ක් මෙන්ම මාර්තු මාසයේ රුපියල් බිලියන 306 ක් ලෙස රාජ්‍ය ආදායම් එකතුව දැක්වුණි.
නවතම දත්ත වලට අනුව රජයේ ආදායම් ප්‍රයත්නය වසරින් වසර ශක්තිමත්ව පෙනෙන බව විශ්ලේෂකයෝ පවසති.
අදායම් වඩා හොඳින් බලාත්මක කිරීම මෙන්ම මාර්තු මාසයේ සිට මෝටර් රථ සඳහා බදු ආවරණය පුළුල් කිරීම මෙම වර්ධනයට දායක වී තිබේ.
2024 දී රජයේ ආදායම රුපියල් ට්‍රිලියන 4 ක් ලෙස දැක්වුණු අතර 2023 වසරේදී එම අගය රුපියල් ට්‍රිලියන 3 කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart