
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පළාත් පාලන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත 2/3 ක ඡන්දයකින් පාර්ලිමේන්තුවේ සම්මත කළ නීතියක් බවට පත්කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. ඒ අනුව, ලබන සඳුදා (17) එය පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කර ගැනීමට නියමතය.
ආණ්ඩුව පළාත් පාලන ඡන්දය හරහා විපක්ෂයට දැවැන්ත බොරුවළක් කපා ඇත. අයවැය විවාදයේ විපක්ෂය හිරකර, රාජ්‍ය යාන්ත්‍රණය යොදාගනිමින් පළාත්පාලන ඡන්ද විමසීමේ උපරිම වාසිය ලබාගැනීම ඔවුන්ගේ සැලසුමයි.
2025 පෙබරවාරි 17 ගරු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කතාවෙන් පසුව, පළාත්පාලන ඡන්ද සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම සිදුවනු ඇත.
පෙබරවාරි 18 සම්මත වූ පනත කථානායකවරයාගේ අත්සනට යොමුවීමට නියමිත අතර එය ප්‍රකාශයට පත්වීමෙන් පසුව එනම්, පෙබරවාරි 19 සිට දින 14 කින් පසුව මැතිවරණ කොමිසම විසින් නාමයෝජනා බාරගැනීම සිදුකළ හැකිය. නාමයෝජනා දින 3 ½ ක් තුල බාරගැනීම සිදුවනු ඇත. අප්‍රේල් මස තෙවන හෝ සිව්වන සතිවල දිනක පළාත් පාලන ඡන්දය පැවැත්වෙනු ඇතැයි අනුමාන කෙරේ. එයට සුදුසුම දවස අප්‍රේල් 24 හෝ 25 වන දිනයි.
අය වැය විවාදය
අයවැය විවාදය පෙබරවාරි 17 සිට මාර්තු 21 දක්වා පැවැත්වේ. වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දරන පක්ෂ 12කට අයවැය කාලයේ පාර්ලිමේන්තුවේ ඝනපූර්ණය පවත්වාගෙන යාමේ වගකීම පැවරේ. එම සමයේ පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයට එය තීරණාත්මක බලපෑමක් සිදුකරනු ඇත. ඉන්පසුව, අලුත් අවුරුදු සමයේ දී, එනම් අප්‍රේල් 09 සිට 18 දක්වා අලුත් අවුරුදු සමයේ ද රාජ්‍ය සේවය ද, ජනතාව ද අලුත් අවුරුදු නිවාඩු සමය ගතකරනු ඇත. මේ අනුව, පළාත්පාලන ඡන්ද ඉතිහාසයේ මැතිවරණ පූර්ව ප්‍රචාරක කටයුතු සඳහා අවම දින ගණනක් හිමිවන්නේ මෙවර ඡන්දයේ දී ය. මෙයට පෙර ලංකා ඉතිහාසයේ කිසිදු අවස්ථාවක අයවැය පැවැත්වෙන පූර්ණ කාලසීමාව හා ඡන්ද විමසීමක් එකම කාලපරාසයක් තුළට ගිල්ලවා පවත්වා නැත.
විපක්ෂයේ සමගි ජනබලවේගය හා එජාපයට තනි ලැයිස්තුවකින් තරඟ කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව පැහැදිලිය. එහි ප්‍රතිඑලය නැවතවරක් සාම්ප්‍රදායික එජාප ආධාරකරුවන් ඡන්දපොළට නොගොස් ගෙදර නැවතීමය. අනෙක් අතට, විපක්ෂයේ පක්ෂ සමඟ එකට කටයුතු කිරීම සජබ විසින් ඊයේ දෙවන වරටත් ප්‍රතික්ෂේප කර තිබිණි.
ලංකාවේ සංකීර්ණම ඡන්දය පළාත් පාලනයයි. පළාත් පාලන ආයතනයක බලය ලබාගැනීමට නම් තනිව තරඟ කිරීම, වෙන්ව තරඟ කර අවසානයේ එක්ව පළාත් පාලන ආයතනය ජයගැනීම, කොට්ඨාශය ජයගැනීම සඳහා සමාජ ආර්ථික දේශපාලනික සාධක යොදාගැනිම යන කරුණු වැදගත්වේ. අද දක්ෂිණාංශික කඳවුර සජබ – එජාප – පොහොට්ටුව සිටින්නේ මේ කිසිදු උපක්‍රමයක් විධිමත් ඇඟයීමකට ලක්කිරීමට සුදානම් අවස්ථාවක නොවේ. එයට හේතු දෙකක් ඇත. විපක්ෂයේ කිසිදු පක්ෂයකට පළාත් පාලන ඡන්දය ජයගැනීමට අවශ්‍යතාවක් නොමැතිවීමය. අවම වශයෙන් වසර දෙකක්වත්, ආණ්ඩුවට ඕනෑ දෙයක් කරගන්නට කාලය ලබාදීම විපක්ෂයේ සැලසුමයි.
දෙවැන්න – ඔවුන් ඉතා නිවැරදි ලෙස මෑත ඉතිහාසයේ වැඩිම ගැටුම් හා තර්ජන සිදුවන ඡන්දය අභියෝගයට සුදානම් නොවීමය. සමූපකාර ඡන්ද, විරෝධතා සහ සම්මන්ත්‍රණයක්වත් පැවැත්වීමට ඉඩනොදීමේ තත්වය හරහා ඒ බව දැනටමත් විපක්ෂයට අවබෝධවී ඇත.
ඡන්දයට මුහුණදීමට විපක්ෂයට කිසිදු අවශ්‍යතාවයක් හෝ හැකියාවක් හෝ නොමැති බව එයින් පසක්වන කරුණය.
ආණ්ඩුව පළාත්පාලන ඡන්දය හා අයවැය එකට පටළවා පාර්ලිමේන්තුවේ විපක්ෂයට දැවැන්ත වළක් කපා ඇත. විපක්ෂය දැනුවත්ව හෝ නොදැනුවත්ම එම වළට වැටෙමින් ඇත.
– රජිත් කීර්ති තෙන්නකෝන්
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart