
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව මුහුණදුන් ආර්ථික අර්බුදයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය ශ්‍රී ලාංකික පුරවැසියන් අතර ඉන්දියාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට ප්‍රධාන කාර්යභාරයක් ඉටුකර ඇති බව ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්.ජයිශංකර් අවධාරණය කර තිබේ.
ඇමැති ජයිශංකර් මේ බව ප්‍රකාශ කළේ, සකච්ඡා සභාවකදී, අසල්වැසි රටවල් ඉන්දියාවට එරෙහි වන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
“මගේ පළමු අවවාදය, ඊළඟ වතාවේ ඔබට නිවාඩුවක් ගතකිරීමට අවශ්‍ය වූ විට, ලංකාවට යන්න. මම ඇත්තටමයි කියන්නේ . කරුණාකරලා ලංකාවට යන්න. මම මේක ඔයාලා හැමෝටම කියනවා”
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේදී ලෝකයේ සෙසු රටවල් ශ්‍රී ලංකාවට පිටුපාද්දී, ඉදිරියට පැමිණි එකම රට ඉන්දියාව බැවින් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව ඉන්දියාව කෙරෙහි ඉහළ ප්‍රශංසාවක් දක්වන බව ඔහු පැහැදිලි කළේය.
“මම ශ්‍රී ලංකාවට පැමිණ ඉන්ධන පෝලිම් සහ ආහාර සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය සියැසින් දුටුවා. මේ වෙලාවේ ඉදිරියට ආපු එකම රට ඉන්දියාවයි,” ඔහු පැවසීය.
ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා ඉන්දියාව අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක් ලබාදුන් බවයි.
“ඔවුන් දීර්ඝ කාලයක් අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළා. අන්තර්ජාතික මූල්‍ය අරමුදල පිහිටවිය යුතුව තිබුණේ මුලින්ම උපකාරය ලැබිය යුතු තැනදී. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ පැකේජය ඩොලර් බිලියන 3කටත් අඩුයි,” ඔහු පැවසීය.
ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්.ජයිශංකර් වැඩිදුරටත් පැවසුවේ ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්ෂණිකව සහ කාර්යක්ෂමව කළ දේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලබාදුන් ප්‍රමාණයට වඩා 50%ක් විශාල බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart