
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මතභේදයට තුඩු දී ඇති බූරු හම් වෙළඳාම අප්‍රිකානු මහාද්වීපය තුළ තහනම් කිරීම සත්ත්ව සුබසාධන ආයතනවල ප්‍රසාදයට හේතුවී තිබේ.
තහනම මගින් මහාද්වීපය පුරා සම් සඳහා බූරුවන් ඝාතනය කිරීම නීති විරෝධී වනු ඇත.
ඉතියෝපියාවේ දී ඉරිදා පැවති අප්‍රිකානු සංගමයේ සමුළුව අවසානයේ අප්‍රිකානු රාජ්‍ය නායකයන් විසින් තහනම අනුමත කරනු ලැබිණි.
සාම්ප්‍රදායිකව බූරු හම්වලින් සාදන ලද “එජියාඕ’ නම් පැරණි චීන ඖෂධයේ ජනප්‍රියතාව නිසා සතුන්ගේ හම් සඳහා ඇති ඉල්ලුම ඉහළගොස් තිබිණි.
එමගින් ලොව පුරා, විශේෂයෙන් අප්‍රිකාවේ සහ දකුණු අමෙරිකාවේ බූරුවන් ගහනය විනාශ කර ඇති බවට චෝදනා එල්ල විය.
“එජියාඕ” වයසට යෑම වැළැක්වීමේ සහ සෞඛ්‍ය ප්රතිලාභවලින් සමන්විත බවට ඇතැම්හු විශ්වාස කරන නමුත් එය ඔප්පු කර නැත.
ඖෂධය නිපදවන චීන සමාගම් එම ඖෂධය සඳහා මීට පෙර චීනයෙන් ලබාගත් බූරුවන්ගේ හම් භාවිත කිරීමට පුරුදු වී තිබිණි.
රටේ සතුන්ගේ සංඛ්‍යාව පහත වැටීමත් සමග හම් සපයා ගැනීම සඳහා ඔවුන් පිටරට බලා ඇදී යෑමට පටන්ගෙන තිබිණි.
“මුලින් අපේ රජයන් මෙය අවස්ථාවක් ලෙස සැළකූ නිසා අප්‍රිකාවේ බොහෝ නීත්‍යනුකූල ඝාතකාගාර විවෘත වුණා ” යැයි කෙන්යාවේ බූරු අභයභූමියේ ආචාර්ය සොලමන් ඔන්යාන්ගෝ පැහැදිලි කළේය.
“නමුත් 2016 සහ 2019 අතර කෙන්යාවේ බූරුවන්ගෙන් අඩක් පමණ වෙළඳාම සඳහා මරා දමා තිබුණා ,” යනුවෙන් ඔහු පැවසීය.
මෙම තහනම බූරුවන් සහ ඔවුන් මත යැපෙන මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවනෝපාය ආරක්ෂා කිරීම සඳහා දිගු ගමනක් බව ආචාර්ය ඔන්යාන්ගෝ පැවසීය.
මිලියන 53ක් වන ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකක් පමණ සිටින්නේ අප්‍රිකාවේය.
දුප්පත්ම, ග්‍රාමීය ප්‍රජාවන්හි ජනතාව ප්‍රවාහනයට සහ ජලය, ආහාර සහ වෙනත් භාණ්ඩ රැගෙන යෑමට උපකාර ලබා ගන්නේ බූරුවන්ගෙන්ය.
නැගෙනහිර අප්‍රිකාවේ බෲක් නම් සත්ත්ව සුභසාධන පුණ්‍යායතනයේ ප්‍රාදේශීය අධ්යක්ෂ රෆායෙල් කිනෝටි පැවසුවේ නව තීරණය “අනාදිමත් කාලයක සිට බූරුවන්ගෙන් ප්රතිලාභ ලැබූ අප්‍රිකාවේ ප්‍රජාවන්ට අතිවිශිෂ්ට අවස්ථාවක්” බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart