
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ පාසලක සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 03 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් ජනමාධ්‍ය පැවසුවේ මියගිය තිදෙනා අතර ප්‍රහාරය සිදුකළ අයෙකු ද සිටින බවයි.
එම් වාර්තාවලට අනුව වෙඩි තැබීම සිදු කර ඇත්තේ 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් විසිනි.
වෙඩි තැබීම සිදු කිරීමෙන් අනතුරුව ඇය ද පාසල තුළදීම වෙඩි තබා ගැනීමෙන් සියදිවි හානි කරගෙන ඇතැයි සඳහන් වේ.
සිද්ධියෙන් අනතුරුව අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පැවසුවේ විස්කොන්සින් හි පාසලක සිදුවූ “කම්පන සහගත සහ නොසැලකිලිමත්” වෙඩි තැබීම හෙළාදකින බවයි.
මෙම සිදුවීම ගිනිඅවි සම්බන්ධයෙන් වන නීති දැඩි කිරීමේ අවශ්‍යතාවය යළිත් අවධාරනය කරන බව ද ඔහු පැවසීය.
වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.
වෙඩි තැබීම සිදු කළ සිසුවිය එලෙස ඝාතනය කර තිබුණේ සිය මිතුරෙකු සහ පාසලේ ගුරුවරයකු බව පැවසේ
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart