
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන් සඳහා පාසල් පාවහන් යුගලක් ලබා දීමේ වැඩසටහන යටතේ සිසුන් 822,300කට පාවහන් මිලදී ගැනීමට රුපියල් 3,000/- බැගින් තිළිණපත් ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
ඒ, සිසුන් 250ට අඩු පාසල් 6,000ක ඉගෙනුම ලබන සිසුන් 650,000ක් සඳහාත් සිසුන් සංඛ්‍යාව 250ට අඩු පාසල් කාණ්ඩයට අයත් නොවන දිවයින පුරා පිහිටි වතු පාසල්වල සිසුන් 140,000ක් සඳහාත් විශේෂ අවශ්‍යතා සහිත සිසුන් ඉගෙනුම ලබන පාසල් 28ක සිසුන් 2,300ක් සඳහාත් වශයෙනි.
ඊට අමතරව පිරිවෙන්වල ඉගෙනුම ලබන තෝරාගත් ගිහි පැවිදි පිරිවෙන් සිසුන් 30,000ක් සඳහා ද මෙම තිළිණපත් පිරිනැමීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේය.
අදාළ වැඩසටහන 2025 වර්ෂය සඳහා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පත් කරන ලද නිලධාරි කමිටුවක නිර්දේශ මත පදනම්ව මෙම තීරණය ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart