
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට පියවර ගෙන තිබේ.
පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ මේ සඳහා උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව බීමත් රියැදුරෙක් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියෙකුට රුපියල් පන්දහසක් ලබාදීමට කටයුතු කරන බව, රථ වාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසයි.
මේ අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද දිනයේ බීමත් රියැදුරන් හඳුනා ගැනීම සඳහා රුධිර පරීක්ෂණ කට්ටල එක් ලක්ෂ පනස් දහසක් සියලුම පොලිස් ස්ථාන වෙත ලබාදීමට පියවර ගෙන ඇත.
මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරීන් 1,500 දෙනෙකු යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart