
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකා යුධ හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 135,000 දක්වා අඩු කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටින අතර, හමුදාවේ සිටි 200,783ක ශ්‍සාමාජිකයන් සංඛ්‍යාව මේ වන විටත් 150,000 කට ආසන්න සංඛ්‍යාවක් දක්වා දැනටමත් පහත වැටී ඇති බව වාර්තා වේ.
පසුගිය වසරේ ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව සිය මූල්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේ රජයේ ප්‍රයත්නයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ හමුදා සාමාජිකයින් සංඛ්‍යාව මේ වසර වන විට 135,000 දක්වාත් 2030 වන විට 100,000 දක්වාත් තුනෙන් එකකින් කපාහරින බවයි.
2030 වන විට “තාක්ෂණිකව හා උපායශීලීව හොඳ සහ සමබර” ආරක්ෂක බලකායක් නිර්මාණය කිරීම මෙම පියවරේ අරමුණ බව ඔහු පැවැසීය.
මීට අමතරව, 2030 වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව 35,000 බැගින් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.
ශ්‍රී ලංකා යුද හමුදාව සාමාන්‍ය බඳවාගැනීම් නවතා ඇති අතර ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව අත්‍යාවශ්‍ය ඒකක සඳහා පමණක් බඳවා ගැනීම් සිදුකරන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙමගින් මාස කිහිපයක් ඇතුළත හමුදා සාමාජිකයන් 35,000ක් පමණ අඩු කිරීමට හැකි වී තිබේ.
මේ අතර, ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ පවසා ඇත්තේ,, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වත්මන් ශක්තිය 30,000ට අඩු මට්ටමක පවතින බවයි.
“ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 35,000 ක් පමණ සිටි අතර, එම සංඛ්‍යාව මේ වන විට 27,000 ක් දක්වා පහත වැටී ඇත. අපි ව්‍යාපෘති කිහිපයක් සඳහා පුද්ගලයන් 2,000 ක් පමණ ස්වේච්ඡා සේවකයන් ලෙස බඳවාගෙන තිබෙනවා. ඔවුන් ද මෙම සංඛ්‍යාව අතර සිටිනවා.” යැයි ඔහු සඳහන් කරයි.
මේ අතර, නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසිංහ පවසන්නේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ වත්මන් ශක්තිය 40,000ක් පමණ වන බවයි.
ශ්‍රී ලංකාව සෞඛ්‍ය, විදුලිය, වරාය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ඉඳහිට වැඩවර්ජනවලට මුහුණ දෙන රටකි.
වර්ජනයක් පවතින සෑම අවස්ථාවකම ත්‍රිවිධ හමුදාව යොදවා ඇත්තේ වර්ජනයක් පැවතියද එම අංශ රට තුළ සුමටව ක්‍රියාත්මක වන බවට සහතික කිරීම සඳහාය.
සෞඛ්‍ය සේවකයන් ඊයේ උදෑසන නැවත වැඩවර්ජනයක් ආරම්භ කිරීමෙන් පසු, එම සේවා පවත්වාගෙන යෑම සඳහා වෛද්‍ය බලධාරීන්ට සහායවීම සඳහා රජයේ රෝහල්වල සොල්දාදුවන් 1,000 කට වැඩි පිරිසක් යොදවා ඇති බව වාර්තා විය.
කෙසේවෙතත්, 2030 වන විට ශ්‍රී ලංකා හමුදාව අඩුකිරීමට සාකච්ඡා සහ සැලසුම් ක්‍රියාත්මක වන හෙයින්, ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් නිත්‍ය රාජකාරිවල කාර්යබහුල බැවින් වෙනත් කාර්යයේ යෙදීමට බලධාරීන්ට නොහැකි වනු ඇත.(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart