
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආරක්ෂක අමාත්‍යාංශයේ (MoD) නිලධාරීන් ලෙස පෙනීසිටිමින් නිවෙසකට ඇතුළුවී රුපියල් මිලියන 1.6 කට වැඩි වටිනාකමකින් යුත් මුදල් හා ස්වර්ණාභරණ කොල්ලකා පළාගිය යුද හමුදා කර්නල්වරයකු ඇතුළු හත් දෙනෙකුගෙන් යුත් කල්ලියක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.
ඔවුන්ගේ උපක්‍රමයවී ඇත්තේ, නිවස තුළ සැඟවුණු නිධානයක් ඇති බවට තොරතුරු සෙවීමේ මුවාවෙන් පරිශ්‍රය සෝදිසි කිරීමයි.
මේ අතරරින් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අපරාධය සඳහා යොදවා තිබූ වාහන දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
කොල්ලයට සම්බන්ධ යැයි සැළකෙන ශ්‍රී ලංකා යුද හමුදා කර්නල්වරයකු සොයා සෝදිසි මෙහෙයුම් දිගටම කරගෙන යන බව පොලිසිය පවසයි.
මොණරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart