
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ වෙඩික්කරුට පාතාල කල්ලි නායකයකු විසින් රුපියල් මිලියන 15 ක මුදලක් ලබාදෙන බවට පොරොන්දු වූ නමුත් රුපියල් ලක්ෂ 2ක් පමණක් ඔහුට ලබාදී ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරි බුද්ධික මන්තුංගේ පැවසුවේ, කොන්ත්‍රාත්කරු වෙඩික්කරු සිටින ස්ථානය පිළිබඳව පොලිසියට ඔත්තුව දී ඇති බවට බලධාරීන් සැකකරන බවයි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මෑත කාලීන පරීක්ෂණවලින් පෙනීයන්නේ කොන්ත්‍රාත් ඝාතකයන්ට බොහෝවිට පොරොන්දු වූ සම්පූර්ණ ගෙවීම නොලැබෙන බවයි.
“සාමාන්‍යයෙන්, ඔවුන් ඔබට රුපියල් මිලියනයක් හෝ මිලියන 2 ක් පොරොන්දු වන අතර, මෙම අත්අඩංගුවට ගත් වෙඩික්කරුවන්ගෙන් බොහෝදෙනෙකුට ඝාතනය සිදුකිරීමෙන් පසු එම මුදල ලැබී නැහැ. එය බොරු පොරොන්දුවක්. ඔවුන්ට ඔවුන්ගේ ජීවිතයේ ඉතිරි කාලය බන්ධනාගාරයේ ගත කිරීමට සිදුවෙනවා” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
ගණේමුල්ල සංජිව ඝාතන නඩුවේ වෙඩික්කරු ෆේස්බුක් හරහා සම්බන්ධතා ගොඩනගාගෙන, ඝාතනයට යොදවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හෙළිකළේය.
අපරාධකරුවන් ඔහු හිටපු හමුදා සාමාජිකයකු ලෙස හඳුනාගෙන, “ඔබට රැකියාවක් නැද්ද? වැඩක් කරමුද ?” යන පණිවිඩ යවමින් ඔහුව මෙම කටයුත්තට සම්බන්ධ කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart