
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිල්ලර බෙදාහරින්නන් වෙතින් සිදුකෙරෙන මෙරට මාසික ඉන්ධන අලෙවිය ඉහළ යමින් පවතින බව විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා සඳහන් කර තිබේ.
රජය විසින් පවත්වාගෙන යනු ලබන සිපෙට්කෝ, LIOC සහ චීනයේ සිනොපෙක් හරහා සමස්ත ඉන්ධන අලෙවිය ඉහළ යමින් පවතින බවත් මෑත කාලීන ඉහළම මාසික අලෙවිය මාර්තු මාසයේදී සටහන් වී ඇති බවත් අදාළ දත්ත මගින් පෙනීගොස් ඇත.
කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදයෙන් පසු ඉන්ධන සැපයුම සහ ඉල්ලුම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව ඇමැති කංචන විජේසේකර X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
ඔටෝ ඩීසල් මාසික අලෙවිය මාර්තු මාසයේදී මෙට්‍රික් ටොන් 137,927ක් වාර්තා කර ඇති අතර එය 2023 අගෝස්තු මාසයේ වාර්තා වී තිබූ මෙට්‍රික් ටොන් 147,586ට පසුවාර්තා කළ ඉහළම අගය බව ඇමැතිවරයා නිකුත් කළ දත්ත පෙන්වා දෙයි.
බහුලව භාවිත වන ඔක්ටේන් 92හි මාසික විකුණුම් මාර්තු මාසයේදී මෙට්‍රික් ටොන් 112, 545ක් වාර්තා කර ඇති අතර එය 2023 දෙසැම්බර් මාසයේ සිට වාර්තා කළ මෙට්‍රික් ටොන් 113,078ට සාපේක්ෂව වාර්තා කළ ඉහළම අගයයි.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමය මේ සතිය මුලදී රටේ ආර්ථික තත්ත්වය සඳහන් කරමින් රටේ ඉන්ධන පරිභෝජනය සියයට 50කින් අඩු වී ඇතැයි පැවසීමෙන් පසු ඇමැතිවරයා මෙම අදහස් සහ දත්ත නිකුත්කර තිබේ.
පරිභෝජනය අඩුවීම හේතුවෙන් සියලුම ඉන්ධන වර්ග හිඟයකින් තොරව රට තුළ පවතින බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමය ද ප්‍රකාශ කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart