
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය නොමිලේ ලබාදීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
මීට අදාළ ව්‍යාපෘතියේ ප්‍රගතිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායකවරයා ඊයේ (7) පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පළකළේය.
ප්‍රේමදාස මන්ත්‍රීවරයා සඳහන් කළේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ මව්පියන්ට එවැනි භාණ්ඩ සඳහා වන වියදම් දරාගත නොහැකි බැවින් හැකි ඉක්මනින් එම ව්‍යාපෘතිය ආරම්භ කළ යුතු බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් ආචාර්ය ප්‍රේමජයන්ත කියාසිටියේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා සිය අමාත්‍යංශය දැනටමත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර බොහෝ විට ලබන සතියේ ඊට අනුමැතිය ලැබෙනු ඇති බවයි.
මේ පිළිබඳ අමාත්‍යංශය විශේෂ අවධානයක් යොමුකර ඇති බවත් ඒ සඳහා රාජ්‍ය සහ රාජ්‍ය නොවන පාර්ශ්ව රැසක් සහාය පළකර ඇති බැවින් කඩිනමින් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත් ඔහු පැවසීය.
අමාත්‍යාංශයට කැබිනට් අනුමැතිය ලැබුණු පසු සනීපාරක්ෂක තුවා ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය කඩිනමින් බෙදාහැරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
මේ අතර මෙරට කාන්තාවන් මුහුණදෙන සනීපාරක්‍ෂක ගැටලු ඇතුළු සෞඛ්‍ය ගැටලු පිළිබඳ රජයේ අවධානය යොමුවිය යුතු බවත්, ඒවා ප්‍රතිපත්තිමය වෙනස්කම් තුළින් විසඳිය යුතු ගැටලු ලෙස හඳුනාගෙන රජය මේවාට මැදිහත් විය යුතු බවත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
“මම මගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ මෙම ප්‍රතිපත්ති හඳුන්වා දුන්නත්, කාන්තාවන් ඇතුළු බොහෝදෙනා එය සමච්චලයට ලක්කළා. නමුත් රජය එය පිළිගෙන අධ්‍යාපන ඇමැතිවරයා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම ගැන අපි සතුටු වෙනවා. මේ ආර්ථික අර්බුදයත් එක්ක එකපාරටම මේක කරන්න ලේසිවෙන්නේ නැහැ කියලා අපි දන්නවා, නමුත් අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේක ක්‍රමානුකූලව කරන්න කියලා.” යනුවෙන් ඔහු පැවසීය.
පසුගිය වසරේ අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ, නියමු ව්‍යාපෘතියක් ලෙස ගැහැණු ළමුන් ලක්ෂ 3කට සනීපාරක්ෂක තුවා ලබා දෙන අතර පසුව පාසල් සිසුවියන් මිලියනයකට පමණ සනීපාරක්ෂක තුවා ලබාදීමට කටයුතු කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart