
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක බලවතුන් 04 දෙනකුගේ තානාපතිවරුන් ඉන්දීය සාගර කලාපය පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට ඊයේ කොළඹදී එකම වේදිකාවක හමු වී ඇත.
ඉන්දියාව, චීනය, ප්‍රංශය සහ ජපානය යන රටවල තානාපතිවරුන් භූ දේශපාලන සිතියම් විද්‍යාව පිළිබද සාකච්ඡාව සඳහා මෙසේ රැස් වී තිබේ.
The Geopolitical Cartographer යනු ඉන්දියන් සාගරය පිළිබඳ විශේෂඥ අන්තර්ජාතික පර්යේෂණ පදනමක් වන අතර, කොළඹ පැවැති සාකච්ඡාව ‘මෑතකාලීන ඉහළ මට්ටමේ සංචාරයන් සහ ඒවායේ ඉන්දීය සාගර අංශ’ යන තේමාව යටතේ පවත්වා ඇත.
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු කථානායක කරූ ජයසූරිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී ඇත.
ඉන්දියාව, චීනය, ප්‍රංශය සහ ජපානය යන රටවල තානාපතිවරුන් සහභාගී වූ මෙම සාකච්ඡාව සදහා විදේශ අමාත්‍යංශය සත්කාරකත්වය දැරූ බව වැඩිදුරටත් සදහන් වේ.
භූ දේශපාලනික සිතියම් විද්‍යාව, ගෝලීය දේශපාලන පර්යාය ප්‍රතිනිර්මාණය කරන ඉන්දියන් සාගරයේ හා පැසිෆික් සාගරය සම්බන්ධිත ගොඩබිමේ භූ දේශපාලනය, භූ ආර්ථික සහ සමුද්‍රීය කටයුතු සංවර්ධන අධ්‍යයනය, පර්යේෂණය සහ විශ්ලේෂණය ප්‍රවර්ධනය කිරීම යන කරුණු මෙහිදී සාකච්ඡා වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart