May 14, 2025

වෙන්නප්පුව මුහුදේ දියේ ගිලී එක් අයෙකු මියගොස් ඇති අතර තවත් තිදෙනකු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.

නුවරඑළියේ සිට පැමිණ මුහුදු තීරයේ දිය නාමින් සිටියදී පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදහන් වී ඇති බවත්, පසුව එක් මළසිරුරක් සොයා ගත් බවත් පොලිසිය පැවසීය.

අතුරුදහන්වූවන් සොයා සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරයි.