
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සහල් මිළ ඉහළ ගිය කාලසීමාවේ කළුතර තොග සහල් වෙළදසැලක් කඩා සහල් සොරකම් කළ කල්ලියක දෙදෙනකු කිලෝ 1000 ක් සමග අත්අඩංගුවට ගෙන, සොරකම් කළ සහල් ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථයද භාරයට ගත් බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර නාගොඩ ගල්අස්හේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බව පොලිසිය කියයි.
කළුතර සෙන්ට්රුල් හන්දිය ප්‍රදේශයේ තොග වෙළෙදසැලකින් සතියක සිට සහල් සොරකම් කිරීම සිදුවන බවට ලද පැමිණිල්ලක් මත අවට සිසිටිවී කැමරා පරීක්ෂා කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සොරකම සඳහා සිව්දෙනකු සම්බන්ධ බවටත් වෙළදසැලේ කාලයක පටන් සේවය කල සේවකයකු මීට සම්බන්ධවී ඇති බවත්, පොලිසිය මගහැර සිටින සැකකරුවන් දෙදෙනකු සොයා විමර්ශන සිදුකරන බවත් පොලිසිය පවසයි.
සැකකරුවන් වෙළෙඳසැලේ යතුරට ගැලපෙන යතුරක් සකස්කර සොරකම සිදුකර ඇති බවද පොලිසිය කියයි.
සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart