November 6, 2025

හෝමාගම ප්‍රදේශයේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට අනුව, හෝමාගම නිවසකින් හෙරොයින් කිලෝ 1.5 ක් සහ ‘අයිස්’ ග්‍රෑම් 688 කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇත.

කැලණිය පොලිස් අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරුවන් තිදෙනකු සහ එක් සැකකාරියක අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.