
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අභියාචනාධිකරණයේ දැනට පවතින පුරප්පාඩු හතරක් පිරවීම සඳහා ජ්‍යෙෂ්ඨ මහාධිකරණ විනිසුරුවරුන් සිව්දෙනකුගේ නම් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමුකර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව, මහනුවර මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර, කොළඹ මහාධිකරණ විනිසුරු කේ.ප්‍රියන්ත ප්‍රනාන්දු, ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු ප්‍රේමා ශංකර් සහ කොළඹ සිවිල් මහාධිකරණ විනිසුරු ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන විනිසුරුවරුන්ගේ නම් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇතැයි පැවැසේ.
මේ අතර, පුරප්පාඩු පිරවීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක සහ සුදර්ශන ද සිල්වාගේ නම් නීතිපති පාරින්ද රණසිංහ විසින් යොමුකර තිබේ.
අභියාචනාධිකරණයේ සේවය කිරීමට සුදුසු යැයි තමා විශ්වාස කරන විනිසුරුවන්, මෙම නම්කළ අය අතරින් ජනාධිපතිවරයා විසින් තෝරාගෙන අනුමැතිය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමුකරනු ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මීළඟ රැස්වීම පෙබරවාරි 5 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.
මේ අතර අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ජනවාරි 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම යෑමට පෙර නිවාඩු ලබාගෙන ඇති බව වාර්තා වේ.
ඔහු නිවාඩුවට යෑමට පෙර සිය කාර්ය මණ්ඩලයට ස්තූති කිරීමේ උත්සවයක් සිකුරාදා සංවිධානය කර තිබිණි.
මේ තත්ත්වය හමුවේ අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයකු ළඟදීම පත්කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart