
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් විසින් 2024 නොවැම්බර් 26 දින කොළඹ, කොටහේන ප්‍රදේශයේ ගබඩා පරික්ෂා කිරීමකදී, ඇසුරුමෙහි කල් ඉකුත්වන දිනය හා නිෂ්පාදිත දිනය වෙනස් කල කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් වෙළඳපොළට නිකුත් කරමින් තිබියදී වැටළීමක් සිදුකොට ඇත.
එහිදී කුරක්කන් කිලෝග්‍රෑම් 30 බැගින් වූ ඇසුරුම් 740ක, නිෂ්පාදිත වර්ෂය 2024 ලෙස හා එය මාස 12ක් ඇතුළත භාවිත කළ යුතු බවට ඉන්දියානු නිෂ්පාදකයා විසින් සඳහන් කොට තිබුණද, ශ්‍රී ලාංකික ආනයනකරු විසින් ඇසුරුම් කළ වර්ෂය හා මාසය, 2024 අගෝස්තු සහ කල් ඉකුත්වන වර්ෂය හ මාසය, මාස 24ක් ඉදිරියට යොදමින්, 2026 ජූලි ලෙස ස්ටිකරයක් මගින් වෙනස් කර වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු යොදා තිබිණි.
තවද කූනිස්සන් කිලෝග්‍රෑම් 5 බැගින් වූ ඇසුරුම් 195ක නිෂ්පාදිත වර්ෂය හා මාසය 2024 ජූලි ලෙස හා කල් ඉකුත්වන වර්ෂය හා මාසය 2024 දෙසැම්බර් ලෙස සඳහන් කර තිබුණද ඒ මත, නිෂ්පාදිත වර්ෂය හා මාසය 2024 ඔක්තෝම්බර් සහ කල් ඉකුත්වීමේ දිනය 2025 සැප්තැම්බර් ලෙස ස්ටිකරයක් මගින් වෙනස්කර වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු යොදා තිබිණි.
මෙම කරුණු අධිකරණයට වාර්තා කර අදාළ ව්‍යාපාරිකයාට විරුද්ධව නීතිමය කටයුතු සිදුකිරීමට කටයුතු යොදා ඇති අතර ඉදිරි උත්සව සමය තුල මෙවැනි භාණ්ඩ වෙළඳපොළට නිකුත් කිරීම වැලක්වීමට දිවයින පුරා විමර්ශන සහ වැටළීම් සිදුකරන ලෙස නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart