
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් තොග ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත අත්අඩංගුවට ගෙන තිබේ.
ජනක චන්ද්‍රගුප්ත අද අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.
ඖෂධ සමාගමක් විසින් ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි 22,500ක් ආනයනය කර ඇති බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශයේ සිටි තවත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් දෙදෙනගේ සහාය ඇතිව ව්‍යාජ ලිපිලේඛන සාදා මෙම ආනයනය කර ඇති බවත්, එමගින් රුපියල් කෝටි 100ක මූල්‍ය වංචාවක් සිදු කර ඇති බවත් අනාවරණය විය.
එම ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමෙන් රුපියල් මිලියන 130ක පාඩුවක් සිදුවී ඇත.
මෙම වංචනික ආනයනයට සම්බන්ධ සැකකරුවන් වූයේ ඖෂධ සමාගම හිමි සුදත් ජානක ප්‍රනාන්දු හෙවත් ‘අරුණ දීප්ති’, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අධ්‍යක්ෂවරයා වූ ආචාර්ය කපිල වික්‍රමනායකයි.
මේ සම්බන්ධයෙන් දියත් කළ විමර්ශනවලින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර,සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත අත්අඩංගුවට ගැනීම මෙම සිද්ධියට අදාළ නවතම සිදුවීමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart