
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් පසු හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ට අර්ධ වශයෙන් අත්හිටවූ වසර හතරක සිරදඬුවමක් නියම කර තිබේ.
කෙසේවෙතත්, 55 හැවිරිදි ඔහු නිදහස් වනු ඇත. ඊට හේතුව 2024 දී ඇප ප්‍රතික්ෂේප කිරීමෙන් පසු දැනටමත් ඔහු වසරකට වැඩි කාලයක් අත්අඩංගුවේ ගතකර තිබීමයි.
1993 සහ 2001 අතර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 74 කට ක්‍රීඩා කර ඇති ස්ලේටර්, පොදු පහරදීම් චෝදනා දෙකකට, නීතිවිරෝධී පහරදීමකට, ශාරීරික හානියක් සිදුකරන පහරදීමකට, සොරකම් කිරීමකට සහ ගෙළ සිරකිරීම් චෝදනා දෙකකට වරද පිළිගෙන ඇත.
නඩුව විමසූ විනිසුරු ග්ලෙන් කෑෂ් ස්ලේටර්ට පවසා ඇත්තේ, “මත්පැන් පානය ඔබේ චරිතයේ කොටසක්” බවත් ඔහුගේ පුනරුත්ථාපනය “පහසු නොවන” බවත්ය.
“ඔබ මත්පැන් පානය කරන්නෙකු බව පැහැදිලිය,” විනිසුරු කෑෂ් පවසා ඇත.
2024 සිට ඔහු අත්අඩංගුවේ පසුවන අතර වසරකට වැඩි කාලයක් සිරගෙවල් ගතකරයි.
ඕස්ට්‍රේලියාව සමඟ වසර අටක ටෙස්ට් දිවිය තුළ ශතක 14ක් සහ අර්ධ ශතක 21ක් ඇතුළුව ස්ලේටර් ලකුණු 5,000කට වඩා රැස්කළේය.
2004 දී විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු විචාරකයකු ලෙස වෘත්තීය ජීවිතයකට පිවිසියේය.
පළමුව එක්සත් රාජධානියේ චැනල් 4 සමඟින් සහ පසුව ඕස්ට්‍රේලියාවේ සෙවන් නෙට්වර්ක් සමඟින් ඔහු කටයුතු කළද, 2021 දී එම ආයතනවලින් ඔහුව ඉවත් කරන ලදී.
2022 දී, පහරදීම සහ කාන්තාවකට ලුහුබැඳීමට උත්සාහ කිරීම ඇතුළු චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසු සිඩ්නි අධිකරණයක් විසින් ස්ලේටර්ට වසර දෙකක ප්‍රජා නිවැරදි කිරීමේ නියෝගයක් නියම කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart