May 13, 2025

ඇල්ල ප්‍රදේශයේදී විදේශික කාන්තාවක් සතු දේපළ කොල්ලකා ඇයව ප්‍රපාතයකට තල්ලු කර දැමූ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ සැකකාර පුද්ගලයා කුලී රථ රියදුරෙකු බවයි.

28 හැවිරිදි අදාළ කාන්තාව සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇල්ල ප්‍රදේශයට ගොස් තිබේ.

එහිදී ඇය කුලී වෑන් රථයකින් ගමන් කර ඇති අතර එහි රියදුරු අදාළ කාන්තාවට පළතුරු පානයක් බීමට ලබාදී සිහි මූර්ජා කර තිබේ.

අනතුරුව සැකකරු එම විදේශීය කාන්තාව සතුව තිබූ ජංගම දුරකතන 02 ක් සහ මුදල් ඇතුලු රුපියල් 829,623 ක් පමණ වටිනා දේපල කොල්ලකා ඇයව ප්‍රපාතයකට තල්ලු කර ඇතැයි පොලීසිය පවසයි.

කොල්ල කන ලද දේපල ද සමගින් සැකකරුද අත්අඩංගුවට ගෙන තිබේ.