
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
සිය X ගිණුමෙ හි සටහනක් තබමින් අමාත්‍යවරයා පැවසුවේ, එම සාකච්ඡාවේදී ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමය පිළිබඳව අවධානය යොමු වූ බවයි.
කලාපයේ සාමය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා තිරසාර රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නවල වැදගත්කම ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
ගැටුම් උග්රවීම ශ්‍රී ලංකාව ඇතුළු කලාපයට සහ ඉන් ඔබ්බට දුරදිග යන ප්‍රතිවිපාක ඇති කරන බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
පවතින තත්ත්වය හමුවේ ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව තානාපතිවරයා දැනුවත් කළ බව ද විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart