
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024දී විශේෂ මහමැතිවරණයකට පකිස්ථානය සූදානම් වෙමින් සිටී.
දේශපාලන සම්මුතීන් සහ එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික සම්මුතීන් සදහා අවශ්‍යවන සභාග ආණ්ඩුවක් නිර්මාණය කිරීමට පකිස්ථානය අපේක්ෂා කරන නමුත් ඒ සදහා විශාල මුදලක් අවශ්‍යව තිබේ.
එහෙත්, ගෝලීය ණයදෙන්නන් රටේ දේශපාලන ක්‍රමය පිළිගැනීමට අකමැතිබව වාර්තා වන අතර ඔවුන් දැඩි කොන්දේසි ඉදිරිපත්කර තිබේ.
මැතිවරණයේ ප්‍රතිඵලය රටේ සියලුදෙනාම පිළිගන්නා ස්ථාවර රජයක් ගොඩනැගුවොත් පමණක් අනාගතයේ මූල්‍ය සහාය ලබාදෙන බව ගෝලීය ණයදෙන්නන් පවසා ඇත.
තම මුදල් අස්ථාවර හා අකාර්යක්ෂම දේශපාලන පන්තියක් සතුවීම සම්බන්ධයෙන් සියලුම ණයදෙන්නන් කනස්සල්ලට පත්ව සිටිති.
පකිස්තානය සිය ආර්ථිකය ප්‍රතිසංස්කරණය කළ යුතු බවද ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව අවධාරණය කරයි.
ආරක්ෂණවාදී වෙළඳ ප්‍රතිපත්ති අඩු කිරීම, විකෘති කෘෂිකාර්මික සහනාධාර ඉවත් කිරීම සහ පළාත්වලට බෙදාහැර ඇති විෂය ක්ෂේත්‍ර සඳහා ෆෙඩරල් රජයේ වියදම් තාර්කික කිරීම යන ප්‍රතිසංස්කරණ ඒ සදහා ඇතුළත් වේ.
වත්මන් දේශපාලන සන්දර්භය තුළ, මෙම ප්‍රතිසංස්කරණහි ප්‍රගතිය සහතික කළ නොහැකි බව ලෝක බැංකුව සඳහන් කර තිබේ.
ආයෝජන ව්‍යාපෘති යටතේ බලශක්ති ප්‍රතිසංස්කරණවලට අමතරව බෙදාහැරීමේ සමාගම්වල කාර්යක්ෂමතාව වැඩිකිරීමත්, විදුලිය හා ගෑස් ගාස්තු ප්‍රතිසංස්කරණ සඳහා අඛණ්ඩ සහාය ලබාගත යුතු බවත් වැඩිදුරටත් දක්වයි.
සෞදි අරාබිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් රාජ්‍යයන්ගෙන් ඩොලර් බිලියන 100ක මුළු ආයෝජනයක් සිදුකිරීමට පාකිස්තාන බලධාරීන් බලාපොරොත්තුවන බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart