
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යෑම සඳහා ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමන් සූදානම් බව හිටපු යුද හමුදාපතිවරයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.
එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීමට තමා හමුදාවට නායකත්වය දුන් බවත් යුද්ධය අවසන් වී වසර 15කට පසු ශ්‍රී ලංකාව තුළ සමගිය දිගටම පවතිනු ඇතැයි ද ෆොන්සේකා විශ්වාසය පළ කළේය.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා X හි සටහනක් තබමින් සඳහන් කළේ දශක තුනක ගැටුමකින් පසු ශ්‍රී ලංකාව නිදහස් කර නැවත වරක් එක්සත් වී දශක එකහමාරක් ගත වී ඇති බවයි.
“බොහෝ මිනිසුන්ට ජීවිත සහ අත් පා අහිමි වුණා. යුද්ධ ප්‍රසන්න නැහැ, සාමයට මිලක් තියෙනවා,” යනුවෙන් ෆොන්සේකා පැවසීය.
තමන් ශ්‍රී ලංකා යුද හමුදාපති ධුරයට පත් වූ අවස්ථාවේදී තම ධුර කාලය තුළ යුද්ධය අවසන් කරන බවත්, මීළඟ හමුදාපතිවරයාට යුද්ධයක් උරුම කර දීමට ඉඩ නොදෙන බවත් තමන් පැහැදිලිවම ප්‍රකාශ කළ බවත් ඔහු සඳහන් කර තිබේ.
“ත්‍රිවිධ හමුදාවේ සහ ඊට සම්බන්ධ සියලු දෙනාගේ සහයෝගය ඇතිව මම මගේ වචනය ඉටු කළා,” යනුවෙන් ෆොන්සේකා පවසයි.
සාමය අඛණ්ඩව පැවතීම සහ සියලු ශ්‍රී ලාංකිකයන් සමානාත්මතාවයෙන් හා සමගියෙන් ජීවත්වීම තම බලාපොරොත්තුව බවද ෆොන්සේකා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart