
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කහල්ල-පල්ලෙකැලේ අභයභූමියේ වනාන්තර ඉඩම් නීතිවිරෝධී ලෙස එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිරියාගම වනජීවී සංරක්ෂණ කාර්යාලය සිදුකළ වැටළීමදී වනාන්තරය එළිපෙහෙළි කිරීම සඳහා සැකකරුවන් භාවිත කළ JBC යන්ත්රයක් ද සොයා ගෙන ඇත.
ගල්කිරියාගම වනජීවී සංරක්ෂණ ප්රදේශයේ කහල්ල පල්ලෙකැලේ අභයභූමියට අයත් වල්පලුගම ප්රදේශයේ මෙම නීතිවිරෝධී එළිපෙහෙළි කිරීම් සිදුකර ඇතැයි වාර්තා වේ.
සැකකරුවන් වනාන්තරයේ ඇතැම් බිම් කොටස් පුළුස්සා විනාශ කිරීමට ද උත්සාහ කර ඇති බවත්, අක්කර පහක පමණ භූමි ප්රමාණයක් එළිපෙහෙළි කිරීමට කටයුතු කරමින් සිටින බවත් වනජීවී නිලධාරීන් පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර බැකෝ යන්ත්රයේ රියදුරු ද වන අතර වගා කටයුතු සඳහා ඉඩම් ගොඩකිරීම ඔවුන්ගේ අරමුණ වී තිබූ බව ද වනජීවී නිලධාරීහු පවසති.
අත්අඩංගුවට සැකකරුවන් කැකිරාව දිස්ත්රික් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart