January 5, 2026

බහුදින ධීවර යාත්‍රාවක් විනාශ කිරීම සහ සීෂෙල්ස් ආරක්ෂක බලධාරීන් විසින් ධීවරයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය අන්තර්ජාතික සංවිධාන සහ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ.

සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු පැවසුවේ දෙසැම්බර් 30 වැනිදා වෙන්නප්පුවේ වැල්ලමන්කර වරායෙන් පුද්ගලයන් හය දෙනෙකු සමඟ පිටත්ව ගිය බහුදින යාත්‍රාව සීෂෙල්ස් ආරක්ෂක අංශ සහ විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ධීවරයන් අත්අඩංගුවට ගෙන ඔවුන් ට්‍රෝලර් යාත්‍රාවට ගිනි තබා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ශ්‍රී ලංකා රජය සහ අන්තර්ජාතික සංවිධාන විසින් පැවැත්විය යුතු බව ඔහු අවධාරණය කළේය.

“ට්‍රෝලර් යාත්‍රාව අත්අඩංගුවට ගත් බවත් ධීවරයන් හය දෙනාට එරෙහිව ගතයුතු පියවර පිළිබඳවත් සීෂෙල්ස් බලධාරීන් ශ්‍රී ලංකා රජයට දැනුම් දී නැහැ. කෙසේවෙතත්, ට්‍රෝලර් යාත්‍රාව දැනටමත් විනාශ කරලා. සිද්ධිය පිළිබඳ ශ්‍රී ලංකා රජයට දැනුම් දීමෙන් පසුවයි පියවර ගත යුතුව තිබුණේ. මේ ට්‍රෝලර් යාත්‍රාවෙන් ඩීසල්, එන්ජින් ඔයිල් සහ තන්තු ඇතුළු අනෙකුත් අපද්‍රව්‍ය ලීටර් 10,000ක් පමණ ගලා ඒමෙන් සිදුවන පරිසර දූෂණය පුළුල් සමුද්‍ර දූෂණයකට හේතු වෙන්න පුළුවන්.” ඔහු පැවසීය.

දෙසැම්බර් 24 වැනිදා වන විට මොරිෂස් දූපත්වලට ආසන්නව තිබූ ට්‍රෝලර් යාත්‍රාව එහි ගමන් මාර්ගය අහිමි වී සීෂෙල්ස් මුහුදු සීමාවට ඇතුළු වී ඇති බව මාරවිල සුසිල් ප්‍රනාන්දු පැවසීය.

“මම මගේ මිනිස්සු ආරක්ෂා කරන්න යනවා නෙවෙයි. ඕනෑම අක්‍රමිකතාවක් සඳහා ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් බැඳී සිටිනවා. කොහොමවුණත්, සීෂෙල්ස් බලධාරීන් ට්‍රෝලර් යාත්‍රාව මුහුදේදී ගිනි තබා විනාශ නොකළ යුතුව තිබුණා. ඉන්දියානු සහ මාලදිවයින් බලධාරීන් විසින් අපගේ ට්‍රෝලර් යාත්‍රා කිහිප වතාවක්ම අත්අඩංගුවට අරන් ධීවරයන්ට එරෙහිව නීතිමය පියවර අරන් තියෙනවා. ඔවුන් කිසි විටෙකත් මේ ආකාරයෙන් ට්‍රෝලර් යාත්‍රා විනාශ කරලා නැහැ. ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කටයුතු කරන්නෙත් එහෙමමයි,” ඔහු පැවසීය.

බහුදින ට්‍රෝලර් යාත්‍රා ක්‍රියාකරුවන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු තවදුරටත් පැවසුවේ මුහුදේදී ට්‍රෝලර් යාත්‍රාවට ගිනි තැබීමෙන් සිදුවන සමුද්‍ර දූෂණය සම්බන්ධයෙන් අන්තර්ජාතික පරිසර සංවිධාන වෙනම පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය වන අතර ශ්‍රී ලංකා රජය සීෂෙල්ස් බලධාරීන් සමඟ මෙම ගැටලුව සාකච්ඡා කළ යුතු බවයි.