
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැලණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ ස්ථාපිත කරන ලද සරුභාව මධ්‍යස්ථානයෙහි (IVF) පළමු ගැබ්ගැනීම සාර්ථක වූ බව වාර්තා වේ.
ප්‍රසව හා නාරිවේද දෙපාර්තමේන්තුවේ මෙම ප්‍රතිකාරය අඩු වියදමකින් සහ රජයේ ආධාර යටතේ සිදුකෙරේ.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින්, ප්‍රතිකාරයට භාජනය වූ පළමු රෝගියා පවසා ඇත්තේ, ඇය සති 28 ක ගැබිණියක් බවත්, ප්‍රතිකාරය සාර්ථක වූ බවත්ය.
විවාහයෙන් පසු වසර 08 කට ආසන්න කාලයක් තමාට දරුවන් නොසිටි බැවින් බොහෝ ප්‍රතිකාර ලබාගත් බවත්, ඒ වෙනුවෙන් රුපියල් මිලියන 01 කට වඩා ගෙවීමෙන් අනතුරුව වෙනත් විකල්පය නොමැතිවීම හේතුවෙන්, මෙම ප්‍රතිකාරයට එකඟ වූ බව ඇය පවසා ඇත.
ප්‍රතිකාරය ආරම්භ කළ පසු, තමාට සියල්ල නොමිලේ ලබාදුන් බවත්, දැන් තමා සති 28 ක ගැබිණියක් බවත් ඇය තවදුරටත් සඳහන් කරයි.
මෙම ප්‍රතිකාරය පිළිබඳව අදහස් දක්වමින් රාගම වෛද්‍ය පීඨයේ විශේෂඥ වෛද්‍ය ටිරාන් ඩයස් ජනමාධ්‍යයට පවසා ඇත්තේ, එම ප්‍රතිකාරය ව්‍යාපෘතියක් ලෙස සිදුකළ බවයි.
“මෙම ප්‍රතිකාරය අපට සිදුකළ හැකිද යන්න තහවුරු කරගැනීමට අවශ්‍ය වුණා, දැන් එය සාර්ථක වී ඇති බව අපි ඔප්පු කර තිබෙනවා. මෙම ප්‍රතිකාරය අඛණ්ඩව ලබාදීම සඳහා ක්‍රමවේදයක් නිර්මාණය කිරීම මෙන්ම රෝගීන් තෝරාගැනීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට අපට සිදුවනවා” ඔහු තවදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart