November 28, 2025

අයහපත් කාලගුණය හේතුවෙන් ආපදා තත්වයෙන් පීඩාවට පත්ව ඇති ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා ඉන්දීය රජය විසින් ආධාර කර ඇත.

මේ වන විට කොළඹ වරායේ නැංගුරම් ලා ඇති INS වික්‍රාන්ට් නෞකාවේදී මෙම ආධාර තොගය බාරදී ඇත.

වික්‍රාන්ට් නෞකාවේ ස්ථානගත කර ඇති හෙලිකොප්ටර් යානාද මේ වන විට විපතට පත් ජනයා මුදාගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් යොමුකිරීමට සූදානම් කර ඇතැයි වාර්තා වේ.