June 6, 2025

විදුලි වාහන 800ක් ඇතුළුව මෙක්සිකෝවට වාහන 3,000ක් රැගෙන යමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඇති වූ ගින්නක් පාලනය කිරීමට නොහැකි වීමෙන් කාර්ය මණ්ඩලය අතහැර දමා තිබේ.

ඇලස්කාවේ ඇලූටියන් දූපත් දාමයට ඔබ්බෙන් වූ මුහුදේදී නෞකාව මෙම අනතුරට මුහුණ දී ඇත.

එක්සත් ජනපද වෙරළාරක්ෂක සහ ලන්ඩනයේ පිහිටි Zodiac Maritime නෞකාවේ කළමනාකරණ සමාගම බදාදා නිකුත් කළ ප්‍රකාශයකට අනුව, විදුලි වාහන පටවා තිබූ තට්ටුවෙන් නැවේ අවර කොටසේ විශාල දුමාරයක් මුලින් දක්නට ලැබී ඇත.

මෝනිං මිඩාස් නම් එම නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 22 දෙනාට කිසිදු තුවාලයක් වාර්තා වී නොමැත.