
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ (07) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
මෝටර් රථ ආනයනය, රඳවා ගැනීමේ බදු සහ වැට් බදු එකතු කිරීම, ඩිජිටල්කරණය පිළිබඳ ගැටලු සම්බන්ධව මෙහිදී අවධානය යොමුකර තිබේ.
ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමේදී මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමුව ඇති අතර, රට තුළ පවත්නා මූල්‍ය අර්බුදය සහ ආර්ථික ප්‍රමුඛතාවන් සැළකිල්ලට ගනිමින් මෙම ගැටලු විසඳා ගැනීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කර ඇත.
ආදායම් බදුවලට යටත් නොවන විශ්‍රාමිකයන්ගෙන් අය කරන රඳවා ගැනීමේ බදු නැවත ඔවුන්ට ලබා දීම සඳහා පහසු ක්‍රියාවලියක් සැකසීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වාදී තිබේ.
මීට අමතරව කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා එකතු කළ අගය මත බදු (වැට්) එකතුකිරීමේ ක්‍රියාවලීන් ඩිජිටල්කරණය කිරීමේ ඇති අවශ්‍යතාව පිළිබඳව කරුණු පෙන්වාදී ඇති ජනාධිපති අනුර කුමාර දිසානායක, බදු අනුකූලතාවය සහ ආදායම් ඉපැයීම වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන විස්තීර්ණ ඩිජිටල් පද්ධතියක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරන බවද ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය පිළිබඳව මෙහිදී සුබවාදීව අදහස් පළකර ඇති ජනාධිපතිවරයා, රට යථා තත්ත්වයට පත්වෙමින් ස්ථාවරත්වය කරා ක්‍රමානුකූලව ගමන් කරමින් සිටින බව සඳහන් කර ඇති අතර, වත්මන් අභියෝග මධ්‍යයේ වුවද ජනතාව වෙත ලබාදෙන ප්‍රතිලාභ වැඩිකිරීමට රජය කැපවීමෙන් කටයුතු කරන බව අවධාරණය කර තිබේ.
මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ජනාධිපති උපදේශක දුමින්ද හුලංගමුව ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart