
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට විරුද්ධව අපරාධ චෝදනා ගොනුකරන ලෙස ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන එකකය වෙත නීතිපති දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ.
2020 වසරේදි පැවති පළමු ලංකා රීමියර් ලීග් තරගාවලියට එක්වූ ක්‍රීඩකයන් දෙදෙනකු වංචා සහ දූෂණ චෝදනා කටයුත්තක් සිදුකිරීමට සචිත්‍ර විසින් කටයුතු කිරීම සම්බන්ධයෙන් වූ විමර්ශනවලට අදාළව ප්‍රමාණවත් කරුණු අනාවරණය වි ඇති බැවින් මෙලෙස ඔහුට එරෙහිව චෝදනා ගොනුකිරීමට නියමිතය.
ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය සචිත්‍රට එරෙහි විමර්ශන ආරම්භ කරනු ලැබුවේ අදාළ ක්‍රීඩකයන් දෙදෙනා විසින් ලංකා ක්‍රිකට් වංචා හා දූෂණ විමර්ශන ඒකකය වෙත පැමිණිලි කිරීමෙන් පසුවය.
කෙසේ වෙතත් පරීක්ෂණ වලට පෙනිසිටි සචිත්‍ර සේනානායක ඊට අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළේ තමන්ට අපහාස කිරීමට ගත් උත්සහයක් බව පවසමිනි.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් මෙම මස ආරම්භයේදී මෙරටට පැමිණ ක්‍රිකට් නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් සමඟ සිදුකළ සාකච්ඡාවලදීද මේ පිළිබඳ අවධානය යොමුකර තිබේ.
2019 වසරේ ක්‍රීඩාවට අදාළ වැරදි වැළැක්වීමේ පනත බලාත්මක කිරීම මගින් ක්‍රීඩාවේ දූෂණ දඩුවම් ලැබිය හැකි වරදක් බවට පත් කර ඇත.
එම පනතට අනුව සචිත්‍ර සේනානායකට එරෙහිව ප්‍රමාණවත් කරුණු අනාවරණය වීමක් පවතින අතර ඒ අනුව ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කෙරෙනු ඇති බව වාර්තා වේ.
2021දී තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා සචිත්‍ර සේනානායක කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඇප ඉල්ලීමද ප්‍රතික්ෂේප වී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart