
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බිරිඳ සමග ඇතිකරගත් ගැටුමකින් පසු සිය හත් හැවිරිදි පිරිමි දරුවකු පොළොවේ ගසා බරපතල තුවාල සිදුකළ බව කියන මත්කුඩුවලට තදින් ඇබ්බැහිවූ සැකකාර පුද්ගලයකු මෙම මස 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක නියෝග කර තිබේ.
සිද්ධියෙන් බරපතල තුවාල ලත් 7 හැවිරිදි දරුවා මේ වන විට බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලෙහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
මෙම ක්‍රියාව සිය දරුවාට සිදුකළ පියා මුවදොර උයන, ෆර්ගියුශන් පාර, කොළඹ 14 ලිපිනයෙහි පදිංචිකරුවෙකු වන පන්නීර් සෙල්වම් ජෙරම් නැමැත්තකු බව පොලිසිය පවසයි.
ඔහු තදින් මත්කුඩුවලට ඇබ්බැහිවූවකු බවත්, ඔහු නිරන්තරයෙන් සිය බිරිඳ සමග ගැටුම් ඇති කරගන්නා අයකු බවත් පොලිසිය අධිකරණයට දැනුම්දී ඇත.
මත්කුඩු පානය සඳහා මුදල් ඉල්ලමින් මෙම සැකකාර පුද්ගලයා පසුගිය දිනක බිරිඳට ලෙස පහර දෙමින් සිටින අතරතුරදි ඒ අසල පැමිණ ඇති 7 හැවිරිදි පිරිමි දරුවා අතින් ඔසවා පොළොවේ ගසා ඇති බවද පොලිසිය අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළිවිය.
සැකකරුගේ බිරිඳ විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart