
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි බොන්ඩි වෙරළේ පැවති යුදෙව් සැමරුමකදී පුද්ගලයන් 15 දෙනෙකු ඝාතනය කළ බවට චෝදනා එල්ල වන තුවක්කුකරුවන් දෙදෙනා පියකු සහ පුතකු බව පොලිසිය පැවසීය.
මෙම වෙඩි තැබීමේ සිද්ධිය වසර 30කට ආසන්න කාලයක් තුළ ඕස්ට්‍රේලියාවේ සිදුවූ දරුණුතම ඝාතන සිද්ධිය ලෙස සැළකේ.
වෙඩි තැබීමට සම්බන්ධ 50 හැවිරිදි පියා එම ස්ථානයේදීම මිය ගිය අතර, ඔහුගේ 24 හැවිරිදි පුත්‍රයා රෝහලේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පොලිසිය අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඊයේ සිදු වූ වෙඩි තැබීම, ඉලක්ක කරගත් යුදෙව් විරෝධී ප්‍රහාරයක් ලෙස නිලධාරීන් විස්තර කර තිබේ.
ප්‍රහාරයෙන් පසු තවත් හතළිස් දෙනෙකු රෝහලේ සිටින අතර, බරපතළ නමුත් ස්ථාවර තත්ත්වයේ පසුවන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද ඒ අතර සිටින බව පොලිසිය පැවසීය.
මෙම තුවාලකරුවන් සියලු දෙනා වයස අවුරුදු 10ත් 87ත් අතර පසුවන්නන් වේ.
උණුසුම් සන්ධ්‍යාවක ජනාකීර්ණ වූ වෙරළ තීරයේ සිදු වූ මෙම ප්‍රහාරය විනාඩි 10ක් පමණ පැවති බවත්, සිය ගණනක් මිනිසුන් වැල්ලේ සහ අසල වීදිවලට විසිරී ගිය බවත් සාක්ෂිකරුවන් ප්‍රකාශ කර ඇත.
පොලිසිය පැවසුවේ වෙරළට ඔබ්බෙන් වූ කුඩා උද්‍යානයක පැවති හනුක්කා උත්සවයට 1,000ක් පමණ සහභාගී වූ බවයි.
ප්‍රහාරය අතරතුර එක සාමාන්‍ය පුද්ගලයකු තුවක්කරුවකු සමග පොරබැද නිරායුධ කරන ආකාරය වීඩියෝ පටයක සටහන් වී තිබු අතර ඔහු ජීවිත රැසක් බේරා ගත් වීරයකු ලෙස ප්‍රශංසාවට ලක්ව තිබේ.
පලතුරු සාප්පු හිමිකරුවකු වන 43 හැවිරිදි අහමඩ් අල් අහමඩ් නම් එම පුද්ගලයාද දෙවරක් වෙඩි වැදීම හේතුවෙන් ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව ඥාතියකු පවසා තිබේ.
සඳුදා උදෑසන වන විට මෙම පුද්ගලයා වෙනුවෙන් අරමුදල් රැස් කිරීමේ පිටුවක ඕස්ට්‍රේලියානු ඩොලර් 200,000කට වඩා රැස් කර තිබිණි.
ප්‍රහාරයට සම්බන්ධ ආයුධ මොනවාදැයි පොලිසිය පවසා නැතත් එම ස්ථානයේ සිට ලබාගත් වීඩියෝවකින් බෝල්ට්-ඇක්ෂන් රයිෆලයක් සහ තුවක්කුවක් වැනි දෙයක් ලෙස පෙනෙන ගිනිඅවියකින් වෙඩි තබන ආකාරය පෙන්නුම් කළේය.
ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් අද උදෑසන බොන්ඩි වෙරළට ගොස් ප්‍රහාරය සිදු වූ ස්ථානය අසල මල් තබා උපහාර පුදකර තිබේ.
ලෝකයේ ආරක්ෂිතම රටවලින් එකක් වන ඕස්ට්‍රේලියාවේ සමූහ වෙඩි තැබීම් දුර්ලභ ය.
1996 දී ටැස්මේනියාවේ පෝර්ට් ආතර් සංචාරක ස්ථානයේ දී තුවක්කුකරුවකු පුද්ගලයන් 35 දෙනෙකු ඝාතනය කිරීමෙන් පසු සිදු වූ දරුණුතම ප්‍රහාරය මෙයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart