
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටේ බහුතරයක් ජනතාව භාවිත කරන භාණ්ඩ වෙනුවෙන් 15% ක වැට් බදු පනවා ඇති මුදල් අමාත්‍යංශය, බහුජාතික සමාගමක් වෙනුවෙන් ඇඳුම් සුවඳ කරන Fabric Softener නම් නිෂ්පාදනය වැට් බද්දෙන් නිදහස් කර ඇතැයි අනාවරණය වේ.
සියලු භාණ්ඩ සදහා 15% ක වැට් බදු පැනවූ මුදල් අමාත්‍යංශය, Fabric Softener නිෂ්පාදනයට 2023 ජනවාරි මස සිට ක්‍රියාත්මක වූ 15% ක වැට් බද්ද, නිහඬවම පෙබරවාරි මාසයේදී ඉවත් කර අති විශේෂ සහනයක් ලබා දී ඇත.
ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට, මෙලෙස වැට් බද්ද 2023 පෙබරවාරි මස සිට ඉවත් කරන බව කල්තියාම අදාළ බහුජාතික සමාගම දැනුවත්ව සිට ඇත. ඒ අනුව ජනවාරි මස ඔවුන් සිය ආනයනය නවතා, නැවත බදු ඉවත් කළ පසු පෙබරවාරි මස සිට නැවත සිය නිෂ්පාදන ආනයනය ආරම්භ කර තිබේ. මෙමගින් රජයට විශාල බදු ආදායමක් අහිමිව ගොස් ඇතැයි වාර්තා වේ.
මෙම රෙදි සුවඳ ගැන්වීමේ හා සිනිඳු කිරීමේ Fabric Softener නිෂ්පාදනය සදහා 2023 පෙබරවාරි මස සිට වැට් බදු ඉවත්කර එයින් නොනැවතුණු මුදල් අමාත්‍යංශය, ඒ මත පනවා තිබූ 10%ක්ව පැවැති සෙස් බද්ද ද සම්පුර්ණයෙන්ම ඉවත් කර ඇත. මෙම බහුජාතික සමාගම පෙබරවාරි මස දී පමණක් රටට අහිමි කල බදු ආදායම රුපියල් මිලියන 15ක් ඉක්මවන වන අතර, මෙම නිෂ්පාදනයෙන් පමණක් වසරකට රටට අහිමි කරන බදු ආදායම රුපියල් මිලියන 200 පමණ වෙතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart